හරක් හොරකමේ ගොස් වෙඩි කයි | දිනමිණ

හරක් හොරකමේ ගොස් වෙඩි කයි

හරක් සොරකමට ගොස් වෙඩි පහරට ලක්වි තුවාල ඇති බවට සැකකරන පුද්ගලයක් බරපතල තුවාල සහිතව මාතර මහ රෝහලට ඇතුලත්කර ඇත.

මෙසේ තුවාල ලබා ඇත්තේ වැලිගම පිදංචි අන්සාර් නැමති 26 හැවිරිදි අයෙකි.

මෙම පුද්ගලයා අද අලුයම 04.30 ට පමණ විරකැටියේදි වම් උරහිසට සහ අතට වෙඩි වැදිමෙන් පසු පසු වැලිගම නිවසට පැමිණිමෙන් පසු මාතර මහ රෝහලට ඇතුලත්කර තිබේ.

මෙම පුද්ගලයාට වෙඩි වැදුනු අයුරු සහ හේතුවක් පොලිසියට හෝ වෛද්‍යවරුන්ට නොපවසා සිද්ධිය වසන් කිරිමට උත්සාහ කරන බව පවසන පොලිසිය මෙම පුද්ගලයා හරක් හොරකමකට ගොස් හරක් හිමිකරුවෙක් වෙඩි තැබුවේද ? යන සැකයක් පවතින බව පොලිසිය සඳහන් කරයි.

(මාතර සමුහ - ඩබ්ලිව්.පි.ධර්මසේන)

නව අදහස දක්වන්න