සැඩ පහරකට අසුවී 02ක් අතුරුදන් | දිනමිණ

සැඩ පහරකට අසුවී 02ක් අතුරුදන්

වැල්ලව , පේද්දව මාර්ගයේ දැදුරුඔයේ සපත්තු පාලමේ ජල පහරට හසුවූ ත්‍රිරෝද රථයක් හා පුද්ගලයන් දෙදෙනෙකු දියේ ගසාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.

සපත්තු පාළම මතින් ත්රීරෝද රථය ගමන් කරමින් තිබියදී ජල පහරට හසුව ඇති බව පොලීසිය පැවසුවේය.

කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු ත්‍රීරෝද රථයේ ගමන් කර ඇති අතර කාන්තාවක හා තවත් පුද්ගලයෙකු දිවි බේරාගෙන තිබේ.

පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ ත්‍රීරෝද රථය හා අනෙක් පුද්ගලයින් දෙදෙනා සෙවීමේ කටයුතු සිදුකරන බව සඳහන්ය.

නව අදහස දක්වන්න