ජනාධිපති විශ්‍රාම ලැබූ හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසමින් | දිනමිණ

ජනාධිපති විශ්‍රාම ලැබූ හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසමින්

 

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පෙරේදා (04) ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසමින් සුහද හමුවකට එක්විය. යාපනය ප්‍රදේශයේ සේවය කර විශ්‍රාම ලැබූ රණවිරුවන්ට ත්‍යාග පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

ජනාධිපතිතුමාගේ පැමිණීම සංකේතවත් කරමින් ආරක්ෂක සේනා මූලස්ථානයේ නා පැළයක් රෝපණය කෙරිණි.

මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක ඇමැතිවරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු ද පොලිස්පතිවරයා ද උතුරු පළාත් ආඥාපති මහේෂ් සේනානායක මහතා ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් ද එම අවස්ථාවන්ට එක්ව සිටියහ. ඡායාරූපය-ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න