ග්‍රාමීය සිසු දරුවන් සවිබල ගැන්වීමේ එයාටෙල් මෙහෙවර තවදුරටත් | දිනමිණ

ග්‍රාමීය සිසු දරුවන් සවිබල ගැන්වීමේ එයාටෙල් මෙහෙවර තවදුරටත්

රටවල් 20ක් පුරා ක්‍රියාත්මක ලෝකයේ ප්‍රමුඛතම සන්නිවේදන සමාගමක් වන භාරතී එයාටෙල් සමාගම විසින්, වේයන්ගොඩ අලවල මහා විද්‍යාලයේ ළමයින් වෙනුවෙන් නවීන පහසුකම් සහිත ක්‍රීඩා පිටියක් පසුගිය දා ප්‍රදානය කළේය.

එයාටෙල් ලංකා සමාගම විසින් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක වැඩසටන් මාලාවේ එක් වැඩසටහනක් ලෙස මේ පරිත්‍යාගය සිදුවිය. එයාටෙල් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි / කළමනාකාර අධ්‍යක්ෂ ජිනේශ් හෙග්ඩේ මහතාගේ සහ සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් මේ ක්‍රීඩා පිටිය විවෘත කිරීම සිදුවිණි. අඩු අදායම්ලාභී පවුල්වල ළමයින් 270 කට වැඩි පිරිසක් අලවල මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ අවම පහසුකම් යටතේ ඉගෙනුම ලබනු ලැබේ. එයාටෙල් ලංකා සමාගම විසින් මේ පාසලට අත්‍යවශ්‍ය වූ ක්‍රීඩා පිටියක් සාදා නිමකර ලබාදෙනු ලැබුවේ එම සිසුන්ට සතුටින් ක්‍රීඩාවේ යෙදිය හැකි, පරිසරයක් ඇති කිරීමේ පරමාර්ථය පෙරදැරි කර ගනිමිනි.

ළමයින්ගේ හෙට දවස හා අධ්‍යාපනය සුරක්ෂිත කිරීම සඳහා අප නිරන්තරයෙන්ම බැඳී සිටිනවා. එයාටෙල් සමාගම සැමවිටම ක්‍රියාකරනු ලැබුවේ ශ්‍රී ලාංකික ජන සමාජයට විශේෂයෙන්ම මෙරට ළමයින් හා තරුණ පිරිස උදෙසා යම්කිසි සේවයක් සිදු කිරීමටයි. එම නිසා මෙවන් සමාජ සත්කාරක කටයුතු ඉදිරියටත් කරගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා. ’ 

නව අදහස දක්වන්න