මළකඳ ඔබට බොහොම ස්තූතියි! | දිනමිණ

මළකඳ ඔබට බොහොම ස්තූතියි!

‘ඉතා අප්‍රසන්න විවච්ඡේදනාගාරයට ඇතුළු වෙද්දිම මට දැනුණෙ කොටි කටකින් ඇතුළු වෙනව වගේ හැඟීමක්’ මෙහෙම කියන්නෙ වෛද්‍ය ශිෂ්‍යයෙක් එයා තවදුරටත් මෙහෙම කියනවා. ‘මේ මිනී කපන කාමරයට පය තබන වරක් පාසා මගේ සියලු චිත්තවේග පැත්තකින් තියල හොඳ වෛද්‍ය ශිෂ්‍යයෙක් වීමේ චරිතය රඟ දැක්වීම ආරම්භ කරන්න සිද්ධ වෙනව’ . ඇත්තටම මම මේ වැඩේදි බය උනාද? නිසැකවම එහෙම තමයි.

මෙතුවක් කාලෙකට මේ වගේ මළමිනී කන්දරාවක් මම කවදාවත් දැකල තිබුණෙ නෑ. මම මා එක්කම හෙට්ටු කරන්න පටන් ගත්ත. මළමිනියෙ මුහුණින් පෙන්නුම් කරනආත්මයේ සංකේතය අත්හැරල ශේෂව ඇති සිරුර දිහා විතරක්ම මට බලන්න පුළුවන්ද?

මට මේ විදිහට වැඩ කරන්න බෑ වගේ හැඟීමක් ඇති වුණා. විශේෂයෙන්ම මෘත දේහයේ සුදු ආවරණය ඉවත් කරන මොහොතෙම මගේ මාංශ පේශී රුධිර වාහිනී හා ස්නායු සියල්ලම ගල් ගැහෙනව වගේ මට දැනුණා. මම හුස්ම තද කරගෙන එසැණ බැල්මක් මගේ මෘත දේහය නම් ගුරුවරයා වෙත එල්ල කළා.

මා විශ්මයට පත් කරමින් ඒ සාමකාමී මුහුණ මට පෙනුණා. මළකඳක් විදිහට නෙවෙයි මට ඔහු පෙනුණෙ. ගැඹුරු නින්දක - නිසල - ශාන්ත- නොකැළඹුණු අයුරින් විවේක ගන්වා. මෘතදේහයේ අභිමානවත් සුන්දරත්වය විසින් ගැඹුරින්ම මගේ සිතුවිලි ස්පර්ශ කරන්න පටන් ගත්ත. කෙමෙන් කෙමෙන් මගේ බිය දියවී යන අතර අධි ශීත විචච්ඡේදනාගාරය උණුසුම්වන බවක් මට දැනුණා.

මේ විවච්ඡේදනාගාරයෙන් පිටතදී ඕනෑම ජීවිතයක අවසන් මොහොතේදී මාව චිත්තවේග වලින් පොළඹවා බුද්ධියට යට කරවන හැඟීම්වලට ඉඩදී හොඳටම අඬන්න මට පුළුවන්. ඒත් වරක් විවච්ඡේදනාගාරයට ඇතුල් වුණාට පස්සේ මගේ හිත ගලක් කරගෙන. ඒත් නිවුණු ආකාරයෙන් මෘත දේහය කොටස් කොටස්වලට ඛණ්ඩනය කරන්න මට සිද්ධ වෙනවා.

ඒකට එක හේතුවක් තියෙනවා. ශාරීරික වේදනාවලින් පෙළෙන බොහෝ ජනකායකට සහනය සැලසීම සඳහා උපකාර පිරිනැමීමේ වගකීම යම් දිනක මට පැවරෙනවා. ආපසු හැරී බලන විට කුල්මත් ප්‍රීතියක් වගේම යමක් සාර්ථකව සමාප්ත කිරීමක් පිළිබඳ මට හැඟීමක් ඇතිවේවි. මොහුට මෙහෙම පවසන්න මට ඕනෑ වෙයි.

‘ඔබේ දය­ාන්විත අනුග්‍රාහී බව කිසිදා මට අමතක වෙන්නෙ නෑ. ඔබට බොහෝමත් ස්තූතියි’.

ලබන සතියේ - වෙව්ලන ආරම්භයක්.

මනෝ වෛද්‍ය පෙන්ග් චෙන්ග් කා විසින් සශ්‍රීක මනෝවිද්‍යාවට ඈදාගත හැකි බුදු දහම පිළිබඳ තමන්ගේ මතවාද මෙන්ම විවිධ දේශවල බෞද්ධ මනෝවිද්‍යාව පිළිබඳ විශිෂ්ඨ ලේඛකයින්ගේ මතිමතාන්තරද ඇතුළත් කොට සම්පාදිත DONT WORRY BE HEALTHY A BUDDHIST GUIDE FOR HEALTH AND HEALING ග්‍රන්ථයෙනි)

සිංහල කළේ - සමුනි සමරකෝන්

නව අදහස දක්වන්න