කිරි වැඩියෙන් පානය භයානකයි | දිනමිණ

කිරි වැඩියෙන් පානය භයානකයි

වර්තමානය වනවිට අප භාවිත කරන කිරි පිටි නිපදවීමේ ක්‍රියාවලිය, 1802 වසරේදී රුසියානු ජාතික ඔසිප් ක්‍රිචෙව්ස්කි විසින් මුල්වරට සොයාගෙන තිබේ. චීනය හා රුසියාව ලොව විශාලතම කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනකරුවන් බවට පත්ව ඇත.

සත්ත්ව කිරි පානය කිරීමට ඇෆ්ගනිස්ථාන හා ඉරාන වැසියන් වසර 10,000කට පමණ පෙර හුරුව ඇති අතර, ඉන් පසුව තුර්කියට හා අප්‍රිකාවට ද ව්‍යාප්තව තිබේ. ඉන්දියාව ලොව විශාලතම කිරි නිෂ්පාදකයා වේ.

සත්ත්ව ආහාර භාවිත නොකරන්නන් සඳහා, පොල්, ආර්මන්ඩ් හා සෝයා වැනි ශාකවලින් නිෂ්පාදිත කිරි, වෙළෙඳ පොළේ ඇත.

ලෝක කිරි අවශ්‍යතාවෙන් 90%ක් ම ගවයන් විසින් සම්පුර්ණ කරයි.

කිරිවල විටමින් හා පොස්පරස්, කැල්සියම්, පොටෑසියම්, සින්ක්, මැග්නීසියම් යන ඛනිජ ලවණ අන්තර්ගත වේ.

පමණට වඩා කිරි පානය කිරීම ද නුසුදුසු බව වෛද්‍ය මතය වී ඇත. මන්දයත් කිරිවල මේදය අන්තර්ගත නිසා, තරබාරු වීමට එය හේතුවක් වියහැකි නිසා ය. නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, අමෙරිකා එක්සත් ජනපදය ලොව විශාලතම කිරි ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන රටවල් වේ.

යශෝදා ඉන්දීවරී 

නව අදහස දක්වන්න