biz- අගය වැඩි වූ බටපතුරු | දිනමිණ

biz- අගය වැඩි වූ බටපතුරු

මෙරට ග්‍රාමීය ආර්ථිකය වැඩිදියුණු කරලීම වෙනුවෙන් දරන ප්‍රයත්නයක දී නොතකා හැරිය නොහැකි පාරම්පරික කර්මාන්ත අතර බට පතුරු භාණ්ඩ තැනීමේ කර්මාන්ත ද වෙයි. ඈත අතීතයේ දී හැම තැනක ම පාහේ බහුල ව තිබූ බට පතුරු භාණ්ඩ මේ වන විට දුර්ලභ ව පවතින්නේ කෘතිම කෙඳි යොදා තනන භාණ්ඩ ආනයනය හා මෙරට නිපදවීම බහුලව කැරෙන හෙයිනි.

ඒ කෙසේ වෙතත්, තවමත් බට පතුරු (පන්, නියඳ, වේවැල් හා තල් කොළ) භාණ්ඩ තැනීම තැනක-දෙතැනක හෝ කර ගෙන යන බව දැකීම සතුටට කරුණකි. මිනිපේ-වේරගංතොට හා මහියංගණයත් මහනුවර හා බදුල්ල දිස්ත්‍රික්කත් මධ්‍යම හා ඌව පළාතුත් වෙන් කර ගලා යන මහවැලි ගඟ මතින් වැටී තිබෙන පාලම ළඟ තැනක දී ගත් මේ ඡායාරූපයේ දැක්වෙන්නේ ඉහත කී පරිදි තැනක තැනූ බට පතුරු කූඩා තොගයකි.

මැණික් ගැරීමට උපයෝගී කර ගැනෙන මෙම බට කූඩා මේ ආකාරයට රැගෙන ගියේ පදියතලාව, මහඔය, අම්පාර හා ඉන් ඔබ්බේ වන බට කූඩා වෙළෙඳ පොළවල් ඉලක්ක කර ගෙන යි. ඡායාරූපය-රත්න බංඩාර 

 

නව අදහස දක්වන්න