ඒකාබද්ධයේ පිරිසක් අන්තවාදී කොටි කණ්ඩායමක් සමඟ එක්ව ඔස්ට්‍රේලියාවේ බීකිං විශ්වවිද්‍යාලය ඉදිරිපිට තමන්ට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (9) පැවසීය. අන්තවාදී කොටීන් සහ ඒකාබද්ධයේ විස්සක් පමණ කණ්ඩායමක් සමඟ ශබ්ද විකාශන යන්ත්‍ර රැගෙන ඊට එක් වී සිටි බවත් අගමැතිවරයා කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන බෙදුම්වාදය වපුරවන ප්‍රකාශ අන්තර්ජාලය ඔස්සේ විකාශය වන බවත් ඊට එරෙහිව රජය ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
මෙම බෙදුම්වාදි ප්‍රකාශ එම් ආර්ගේ ඇසට පෙනෙන මිනිසා අන්තර්ජාල පිටුවේ තිබේනම් ඒ පිළිබඳව සෙවීමට විෂය භාර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් අගමැතිවරයා පැවසීය.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- ඔය සඳහන් කරන්නනේ ලංකාවේ වෙබ් අඩවියක් ද, ජාත්‍යන්තර වෙබ් අඩවියක් ගැන ද? ඔබතුමා විනාශ කරපු කොටින්ට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දෙනවා.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා- වෙබ් අඩවිය මොකක්ද කියා එතුමා දන්නේ නෑ කියනවා. ලංකාවේ ද පිටද දන්නේ නැහැ. ඔබතුමන්ලාම එකතු වී කරල තිබෙනවද කියන්නත් බැහැ. මම එහෙම කියන්නෙ මම ඕස්ට්‍රේලියාවේ ගියාම ඔබතුමාලාගේ කණ්ඩායමේ අයයි අන්තවාදි කොටි කණ්ඩායමේ අයයි විස්සක් විතර ශබ්ද විකාශන යන්ත්‍ර අරගෙන බීකිං විශ්වවිද්‍යාලය ඉදිරිපිට මම යනකොට උද්ඝෝෂණය කළා. අපි දන්නෙ නැහැ කව්රුන් එකතු වී මේවා කරනවද කියලා.
සාගල රත්නායක මහතා- මෙතුමන්ලාම කිව්වා එල් ටී ටී ඊ යට හිස උසවන්න දෙන්නෙ නැහැ කියා.එහෙම කියනවනම් උසාවියට කරුණු වාර්තා කර නීතිපති උපදෙස් අනුව කටයුතු කරන්න
රවී කරුණානායක- මෙතන මන්ත්‍රීවරුන් වෙබ් අඩවි පවත්වාගෙන යනවා. ඒවාගෙන් අපට මඩ ගහනවා. කරුණාකර ඒවත් සොයන්න. රණවිරුවන් ගැන කතා කරන මේ අය සරත් ෆොන්සේකාට මොනවද කළේ.
එස් එම් මරික්කාර් මහතා- මේ කියන කරුණ සඳහන් වන්නේ වෙබ් අඩවියක නෙවෙයි. එම් ආර් ඇසට පෙනෙන මිනිසා යන ප්‍රොෆයිල් එකේ.
අගමැතිවරයා- අපි විෂය භාර ඇමැතිවරයාට කියමු. එම් ආර්ගේ ඇසට පෙනෙන මිනිසා පිටුවේ මේ බව තිබෙනවා. ඒ නිසා මේ ගැන සොයන්න කියලා.
අදහස් 1ක් ඇත
Protest in Australia
නව අදහස දක්වන්න