දකුණු පළාත් කනිෂ්ඨ සේවකයන්ට රාජ්‍ය කළමනාකරණ සහකාර උසස්වීම් | දිනමිණ

දකුණු පළාත් කනිෂ්ඨ සේවකයන්ට රාජ්‍ය කළමනාකරණ සහකාර උසස්වීම්

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් පවත්වනු ලබන පළාත් කනිෂ්ඨ සේවකයන් උසස් කිරීමේ සීමිත තරග විභාගයෙන් සමත්වු පිරිසකට දකුණු පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ පත්වීම ලබාදීම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයෙදී දකුණු පළාත් ප්‍රධාන අැමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදුවිය.

දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් ඉකුත් දා පැවැත්වු මෙම විභාගයේ ප්‍රථිපල මත අවස්ථා කිහිපයකදී ඇතිවන්නාවූ පුප්පාඩු මත නව පත්විම් ලබා දී අතර මේ වන විට පසුගිය මාස නවය තුළ 100 කට ආසන්න පිරිසකට පත්වීම ලබා දී ඇත. ප්‍රධාන අැමැතිවරයා විසින් පත්විම් ලබාදුන් අයුරු මෙහි දැක්වේ. දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර් සී ද සිල්වා හා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ගාමිණි වීරවික්‍රම යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ. 

මහින්ද පී ලියනගේ - ගාල්ල මධ්‍යම විශේෂ

අදහස් 1ක් ඇත

ශාන් අයිය අමුත් කල්පනාවක. ලාලනී දැකල නේද

නව අදහස දක්වන්න