සීගිරියේ නිධන් ගන්න ගිය 4ක් වනජීවියෙන් අත්අඩංගුවට | දිනමිණ

සීගිරියේ නිධන් ගන්න ගිය 4ක් වනජීවියෙන් අත්අඩංගුවට

සිගිරිය අභයභුමියේ ඉලුක්වල ප්‍රදේශයේ ඉඩමක නිධානයක් ගැනීම සඳහා කැණීම් කරමින් සිටි පුද්ගලයන් හතර දෙනකු සැකපිට සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත .

සීගිරි ගලත් පිදුරංගල ගලත් අතර පිහිටි ඉලුක්වල ප්‍රදේශයේ කාශ්‍යප රජු විසින් .නිදහන් කර ඇති රත්තරං ඇති බව පවසා පිරිස අඩි 15ක් පමණ වළක් හාරා ගල් බෝර දමමින් නිධානය ගැනීමට සුදානම් වූ බවට වනජීවී නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත වැටලීමක් සිදුකර පිරිස අත්අඩංගුවට ගෙන ඇත , වැටලීම සිදු කරද්දී පුද්ගලයන් දෙදෙනකු පලා ගොස් ඇත .

අත්අඩංගුවට පත් පිරිස් සීගිරිය හා කුරුණෑගල පදිංචිකරුවෝ වෙති .මොවුන් සතුව තිබු පුජා භාණ්ඩ වෙඩි නුල් ,ගල් කඩන ආයුධ ,බිත්තර වතුර බට සැකකරුවන් පැමිණි බව සැකකරන ත්‍රීරෝදරථයක් ආදී දේ සොයාගෙන ඇත .

අත්අඩංගුවට පත් පිරිස 09 දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත .වනජීවී නියාමකවරුන් වන ආර් .ටී .දිසානායක ,එම් .එම් .වික්‍රමසිංහ .අයි .පී .සරත්චන්ද්‍ර .සිවිල් ආරක්ෂක ජී. .සීලවිමල ,රියදුරු එස් ,පී ,රණබාහු නිලධාරීහු වැටලීමට එක්වුහ .

 

සීගිරිය විශේෂ
ඡායාරූපය - සීගිරිය විශේෂ 

 

නව අදහස දක්වන්න