ස්වභාව ධර්මයේ ආශ්චර්යය කොඩ්ලිවර් ඔයිල් කරල් | දිනමිණ

ස්වභාව ධර්මයේ ආශ්චර්යය කොඩ්ලිවර් ඔයිල් කරල්

පරම්පරා ගණනාවක් හොඳින් හඳුනන කොඩ්ලිවර් ඔයිල් නිරෝගී පැවැත්මට අවශ්‍ය බොහෝ ප්‍රතිලාභ ලබා දෙන පෝෂක අතිරේකයකි. එය වෛද්‍ය ප්‍රතිකාර සඳහා 1789 වසරේ පළමු වරට භාවිතා කළ බව වාර්තා කර ඇති අතර එංගලන්තයේ Manchester රෝහලේ වෛද්‍ය ඩාර්බ් විසින් රුමටික් ප්‍රතිකාර සඳහා යොදාගත් බව සඳහන් වේ. 1930 වන විට කොඩ්ලිවර් ඔයිල් චිකිත්සක ප්‍රතිකාර සඳහා භාවිතා කර ඇති අතර එය රිකට්ස් වැනි අස්ථි රෝග හට ගැනීම අවම කිරීමට ද දරුවන්ට දිනපතා පෝෂක අතිරේකයක් ලෙසද ලබාදී ඇත.

ස්වභාව ධර්මයාගෙන් ලැබෙන මහඟු පෝෂක අතිරේකයක් වන කොඩ්ලිවර් ඔයිල් වලින් ලැබෙන ප්‍රතිලාභ නිසා චිකිත්සක ප්‍රතිකාර සඳහා එය නිර්දේශ කරනු ලැබේ. කොඩ්ලිවර් ඔයිල් සම්බන්ධව වසර ගණනාවක් පුරා සිදු කරන ලද අධ්‍යයනයන් වලට අනුව මොළයේ නිසි ක්‍රියාකාරීත්වයට හා මනා ඇස් පෙනීම සඳහා උපකාරී වන බව වාර්තා කර ඇත. එමෙන්ම ආතරයිටීස් හා අස්ථි රෝග වැනි දිගුකාලීන රෝග තත්වයන් වලදී හටගන්නා ප්‍රදාහය හා වේදනාව අවම කිරීමටද හැකි බව සමීක්ෂණ වාර්තා පෙන්වා දී ඇත. බොහෝ සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබාදෙන කොඩ්ලිවර් ඔයිල් සිරුරේ සුන්දරත්වය හා තාරුණ්‍යය රැකදීමට දායක වේ. 

නව අදහස දක්වන්න