පන්නිපිටිය පෞද්ගලික රෝහල නවීන තාක්ෂණික පහසුකම් වැඩි දියුණු කරයි | දිනමිණ

පන්නිපිටිය පෞද්ගලික රෝහල නවීන තාක්ෂණික පහසුකම් වැඩි දියුණු කරයි

මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් වන පන්නිපිටිය පෞද්ගලික රෝහල සිය 20 වැනි සංවත්සරයට සමගාමීව රෝගීන් වෙනුවෙන් නවීන තාක්ෂණික පහසුකම් රැසක් හඳුන්වා දී තිබේ. ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලොව ඉහළම තාක්ෂණයන් යොදා ගන්නා අධි තාක්ෂණික පරීක්ෂණ සහ ප්‍රතිකාර දැන් එම රෝහලෙන් ලබාගත හැකිය.

පන්නිපිටිය පෞද්ගලික රෝහල රසායනාගාර පරීක්ෂාවන් සඳහා අලුතෙන්ම හඳුන්වා දී ඇති නවීන තාක්ෂණික යන්ත්‍ර අතරට Biochemical Analyzer, Hormones Analyzer සහ Bonedensity Scanner ආදිය ඇතුළත් වේ. Bone density Scaninig පරීක්ෂණ මගින් අස්ථි දිරායාම් කල්තියා හඳුනාගැනීමෙන් අස්ථි පද්ධතිය හා සම්බන්ධ ආබාධ වළක්වා ගත හැකිය. ගැබිනි මවුවරුන්ගේ දරු ගැබෙහි සැබෑ ස්වරූපය ඉතා නිවැරැදිව සහ සජීවී ලෙස දැක බලා ගත හැකි 5D අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනින් පරීක්ෂණ පන්නිපිටිය පෞද්ගලික රෝහල මෑතකදී හඳුන්වා දුන් අතර එම පරීක්ෂණ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ ගෞරවයද රෝහල දිනා සිටියි.

'නිරෝගී දිවි පෙවෙතක් පවත්වා ගැනීම සඳහා සැමට උපකාරී වීමේ අරමුණ ඇතිවයි අප සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණය නිරන්තරයෙන් ජනතාව වෙත හඳුන්වා දෙන්නේ. අනවශ්‍ය වියදම් කපා හැර ඉන් ලැබෙන ප්‍රතිලාභද ‍රෝගීන් වෙත ලබාදීමයි අප රෝහලේ ප්‍රතිපත්තිය. එබැවින් මේ සියලු වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර කාහටත් දරාගත හැකි ඉතා සාධාරණ මිලකට රෝහලෙන් හිමිවෙනවා' යනුවෙන් මේ පිළිබඳ අදහස් දැක්වූ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවසීය. මෙම පහසුකම් ද ඇතුළුව රෝගීන්ට අවශ්‍ය සියලු විමසීම් සඳහා 0115886500 සහ 0115842000 යන දුරකථන අංක විවෘත කර තිබේ. 

නව අදහස දක්වන්න