නවතම Huawei P10 සහ P10 Plus හඳුන්වා දෙයි | දිනමිණ

නවතම Huawei P10 සහ P10 Plus හඳුන්වා දෙයි

Huawei හි නවතම පෙරළිකාර ස්මාර්ට්ෆෝන් වන Huawei P10 සහ P10 Plus ජාත්‍යන්තර වෙළඳ පලට හඳුන්වා දෙයි. Huawei පාරිභෝගික ව්‍යාපාර සමූහය නිවේදනය කළේ ලොව සුපතල කැමරා සන්නාමය වන Leica හි තාක්ෂණය හා එක්ව මෙම Huawei P10 සහ P10 Plus නිමවා ඇති බවයි. වෘත්තීමය ඡායාරූප ශිල්ප ක්‍රම සහිතව එන මෙම ස්මාර්ට්ෆෝනය උඩුකය ඡායාරූප ගැනීම සඳහා සැකසූ සුවිශේෂි පහසුකම් සහිත බව ද එම සමාගම කියයි.

වර්ණ සංයෝජනයේ ලෝ ප්‍රකට Pantone Color Institute InstituteTM හි සහයෝගයද ඇතිව ආකර්ශණීය වර්ණ පෙළකින් යුතුව වෙළඳ පළට හඳුන්වා දී ඇති Huawei P10 සහ P10 Plus ස්මාර්ට්ෆෝන් මනා හුරුබුහුටි නිමාවකින් යුක්ත වෙයි. Huawei P10 සහ P10 Plus මේ වනවිට භාවිත වන ස්මාර්ට්ෆෝන් අතර උසස්ම ඡායාරූප තාක්ෂණය සහිත ස්මාර්ට් ෆෝනයයි.

ප්‍රථම වතාවට Leica තාක්ෂණය සහිත ඉදිරිපස කැමරාවකින් යුක්ත මෙම ස්මාර්ට්ෆෝනයේ පසුපස කැමරා ද්විත්වය ද Leica තාක්ෂණයට අනුව නිමවා තිබේ. මේ අනුව ඡායාරූප සැකසීමේ සියලු පහසුකම් සහිතව නිපදවා ඇති මෙම Huawei P10 සහ P10 Plus ස්මාර්ට්ෆෝන් කුඩා ප්‍රමාණයේ සාක්කුවේ ගෙන යා හැකි කලාත්මක ඡායාරූපාගාරයක් ලෙස හැඳින්වි හැකිය. ලබාගන්නා ඡායාරූප වල ආලෝක තත්වයක් යළි සැකසීමේ හැකියාව, 3D තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඡායාරූප සංස්කරණය කිරීමේ හැකියාව, මෙන්ම ඕනෑම පරිසර තත්වයකදී අලංකාර ඡායාරූපයක් ලබාගැනීමෙ හැකියාව මෙම ස්මාර්ට්ෆෝනය සතු සවිශේෂී ගුණාංගයකි.

Huawei P10 සහ P10 Plus ස්මාර්ට්ෆෝනයේ ඉදිරිපස කැමරාව මඟින් පරිපූර්ණ උඩුකය ඡායාරූප ලබාගැනීමේ හැකියාව සහිත වන අතර පසුපස කැමරාව මඟින් කලාත්මක ලෙස මුහුණේ ඉරියව් ඡායාරූප ගත කිරීමේ හැකියාව සහිත වෙයි. මෙම ස්මාර්ට්ෆෝනය සතු වෘත්තීමය ආලෝකකරණ උපක්‍රම මඟින් ඕනැම පාරිසරික ආලෝක තත්වයකදී ලබාගන්නා ඡායාරූපය තත්වයෙන් උසස් විචිත්‍රවත් ඡායාරූපයක් බවට පත් කරයි. Huawei P10 සහ P10 Plus හි ඇතුළත් වන හයිබ්‍රිඩ් සූම් පහසුකම මඟින් ඡායාරූපයේ විශේෂිත කලාප පමණක් ඉලක්ක කරමින් තීව්‍ර ඡායාරූපයක් ලබාගැනීම පහසු කරවයි.

නවීනතම ඡායාරූප තාක්ෂණය මඟින් උඩුකය ඡායාරූප ගැනීමේ පහසුකම සහිත Huawei P10 සහ P10 Plus වර්ණ සහ නිමාව අතින්ද උසස් තැනක් ගනියි. ලෝ ප්‍රමුඛ Pantone Color Institute හා එක්වෙමින් PANTONE හි 2017 වසර සඳහා හඳුන්වා දුන් නවතම වර්ණය වන PANTONE Greenery*, හා deep blue , Dazzling Blue ආදී වර්ණාවලියකින් මෙම Huawei P10 සහ P10 Plus සමන්විත වෙයි. නිමාව අතින් ගත් කළ Huawei ශක්තිමත් මනරම් ලෝහමය නිමාව තවදුරටත් තහවුරු කරමින් වඩා ආකර්ශණීය ලෙස මෙම ස්මාර්ට්ෆෝන් නිර්මාණය කර තිබේ. 

නව අදහස දක්වන්න