සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ මෙහෙය දේවකාරියක් ලෙස සලකනවා | දිනමිණ

සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ මෙහෙය දේවකාරියක් ලෙස සලකනවා

උදුලා පීරිස්

ලංකාව පුරා වකුගඩු රෝගීන් මිලියනයක් පමණ සිටිනවා. මේ අයට සේවය කරන්න රජයට තනිව කළ නොහැකියි. සිවිල් සමාජයේ කැපවීම අවශ්‍යයි. මගේ දියණියගේ පිළිකා රෝගයක් නිසා මට ඇතිවූ වේදනාව වගේම අෙනක් අයගේ පවුල්වල අයටත් මෙවැනි රෝග තත්ත්ව හටගැනීමෙන් දුක් ඇතිවිය හැකියි.

රෝගීන් වෙනුවෙන් ක්‍රියාකරන සංගම් අප රටේ අඩු මට්ටමක පැවතුනත් වකුගඩු රෝගීන් වෙනුවෙන් සක්‍රියව කටයුතු කරන සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය මනුෂ්‍යත්වය ඉක්මවා දේවත්වයෙන් සිදුකරන මෙහෙය ඉතාම පැසසිය යුතු බව කතානායක කරු ජයසූරිය මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවසූවේ ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය පසුගියදා (11)කොළඹ නවනගර ශාලාවේ සංවිධානය කරතිබූ උපහාර උත්සවයකදීය.

මහාචාර්ය රිස්වි ෂෙරීෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරතිබූ මේ උත්සවය සඳහා වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු, පාසල් ළමුන්,හෙදියන්,කලාකරුවන්,දේශපාලඥයන්,වකුගඩු රෝගීන් විශාල පිරිසක් එක්ව සිටි අතර මෙහිදී මෙම සංගමය විසින් ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා නිෂ්පාදනය කළ වකුගඩු නිවාරණ චිත්‍රපටියක්ද ප්‍රදර්ශනය කරන ලදි. කරූ ජයසූරිය මහතා මෙසේද කීය.

1990 ගණන්වල අප කතා කළේ රෝගීන් සඳහාවූ යම් ක්‍රියාදාමයක්. අද දොස්තර රිෂ්වි ෂෙරීෆ් ඇතුළු කණ්ඩායම වකුගඩු රෝගීන් වෙනුවෙන් සිදුකරන සුවිශාල කර්තව්‍ය අගය කරනවා. කැපවීමකින් කටයුතු කරන අය ගැන මෙන්ම ප්‍රතිලාභ දුන්නු අය හා ලබාදෙන අය රජය වෙනුවෙන් මා අගය කරනවා.

අපේ ආණ්ඩුව ජනාධිපති අරමුදල හරහා වකුගඩු බද්ධ කිරීම් වෙනුවෙන් මුදල් වෙන්කර තියෙනවා. එසේම චීන රජය ආධාර මත පොළොන්නරුවේ මේ රෝගීන් වෙනුවෙන් රෝහලක් ඉදිකිරීමට මුදල් වෙන්කර තියෙනවා.

යමෙකුට වකුගඩු රෝගය ඇතිවීමට පෙර එම රෝගය වලක්වා ගැනීමට කටයුතු කළ යුතුයි. අනුරාධපුර රජරට වකුගඩු රෝගීන් 20000ක් පමණ සිටිනවා. ලංකාව පුරා වකුගඩු රෝගීන් මිලියනයක් පමණ සිටිනවා. මේ අයට සේවය කරන්න රජයට තනිව කළ නොහැකියි. සිවිල් සමාජයේ කැපවීම අවශ්‍යයි. මගේ දියණියගේ පිළිකා රෝගයක් නිසා මට ඇතිවූ වේදනාව වගේම අනිත් අයගේ පවුල්වල අයටත් මෙවැනි රෝග තත්ත්ව හටගැනීමෙන් දුක් ඇතිවිය හැකියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය වකුගඩු රෝගීන් වෙනුවෙන් කටයුතු කරන බව මා දකිනවා. මෙරට ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයද වකුගඩු රෝගීන් ගැන වඩාත් සැලකිල්ලකින් කටයුතු කරන නිසා මා ඒ ගැන ඉහළින් දකිනවා. එසේම වකුගඩු රෝගී තත්ත්වයෙන් මුදා ගැනීම වෙනුවෙන් කටයුතු කරන උතුම් මිනිසුන් අප රටේ සිටින බව මේ උළෙලේදී මට දකින්න ලැබුණා.ඒ සෑම දෙනාගෙම නම ඉතිහාසයට එක්වෙනවා ඇති. මෙවැනි සාර්ථක වැඩ සටහන් දැක මා අද මෙතැනින් පිටවන්නේද ඉතා සතුටින්. මමද වකුගඩු රෝගීන්ගේ යහපත වෙනුවෙන් හඩක් නගන්න ඉදිරියේදී කටයුතු කරනවා.

ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා- යමෙකුට සෙම්ප්‍රතිශ්‍යාව වැලදුනත් අනෙත් මිනිසුන්ට කරදරයක්. වකුගඩු රෝගයත් මහා ඛේදවාචකයක් වෙලා. රජවරු 186ක් පාලනය කළ රජරට මේ රෝගය බහුලලෙස පැතිරෙමින් යනවා.සමාජමය වශයෙන් අපි අධ්‍යාත්මික බලපෑම දියුණුකර ගත යුතුයි. ඇමරිකාව පවා අද ආනාපානා සති භාවනාව දියුණු කරල ඉතා උසස් ලෙස කරගෙන යනවා. එයින් ඉතා විශිෂ්ට ප්‍රතිඵල ලැබී ඇති නිසා පසුගිය අවුරුදු 2තුළ ඇමරිකා ක්‍රොංග්‍රසය තුල භාවනාව දියුණු කරන්න මුදල් වෙන්කර තියෙනවා. පෙරපාසල්වල පවා භාවනා ක්‍රම උගන්නනවා. අපේ කුඩා දරුවන්ගේ අධ්‍යාත්මය සැකසිය යුතුවෙනවා. එහෙම වුවහොත් මේ ශතවර්ෂය අනාගතේ උපදින දරුවන්ගේ ආයුෂ අවුරුදු 300ක් පමණ විය හැකියි. වකුගඩු රෝගීන් වෙනුවෙන් කැපවී කටයුතු කරන සංජය හෙයියන්තුඩුව වැනි වෛද්‍යවරුන්ට අප දේවත්වයෙන් උපහාර කළ යුතුයි. සමස්ත සමාජය තුළම මෙත්තා,මුදිතා,කරුණා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ දියුණු කළ යුතුයි.

මහාචාර්ය විද්‍යාජෝති රිස්වි ෂෙරීෆ් මහතා-රටවල් එකසිය ගණනක් මේ සුමානෙ ජාතික මට්ටමේ වකුගඩු රෝගය ගැන කල්පනා කරන්න අවස්ථාවක් කරගෙන හැම අවුරුද්දෙම එක තේමාවක් තියෙනවා. මේ අවුරුද්දේ ස්ථූලතාවයත් වකුගඩු රෝගයත් ගැන කල්පනා කරනවා.

වසර 50කට පෙර මිනිස්සු මියගියේ පැතිරෙන බෝවන මැලේරියා හෝ උණසන්නිපාතය වැනි රෝගයකින්.නමුත් අද සමහර රටවල මේ රෝග හොයා ගන්නවත් නැහැ. අද බෝ නොවන රෝග අධික රුධිර පීඩනය,දියවැඩියාව,සෙම්ප්‍රතිශ්‍යාව, වැනිරෝග නිසා කාලයක් යනවිට හුස්ම ගන්න බැරි තත්වයක් ඇතිවෙනවා. පිළිකා රෝගී තත්වයද වැඩිවෙලා. එසේම මහත්වෙන තත්ත්වය වැඩිවෙලා. සීනි පෙෂර්වලින් වකුගඩු නරක් වෙන්න පුළුවන්. තරබාරුව පමණකින් වකුගඩු රෝග වැලදිය හැකියි.මත්පැන්,අධික සීනි,අධික ලුණු නිසාවෙන්ද වකුගඩු රෝගය වැලදිය හැකියි. ඇමරිකාව,කැනඩාව එම රෝගී තත්වය වැඩිවෙලා. මේ ප්‍රශ්නය ලංකාවටත් ඇවිත් අනුරාධපුර,පොලොන්නරුව යන රජරට ප්‍රදේශ වල වතුරට රසායනික බෙහෙත් ද්‍රව්‍ය මුසුවීම මාර්ගයෙන් වකුගඩු රෝගය වැලදෙන බව පරීක්ෂණ මගින් ඔප්පුකර තියෙනවා. දුප්පත් මිනිසුන්ට ගොවිපළවලින් ධනවත් මිනිසුන්ට අයිස්ක්‍රීම්,පිෂ්ටය අධික ආහාර වලින් හා ශරීරයට ව්‍යායාම නොලැබීමෙන් මේ රෝගී තත්වය බහුලව ඇතිව තියෙනවා. බර අඩුකරගැනීම හා තෙල් අඩුකළ යුතුයි එවිට කොලෙස්ටරෝල් අඩුවුවහොත් රෝගී තත්ත්වය අවම කර ගත හැකියි. කොකාකෝලා,විවිධ බීම වර්ග තුලින්ද මේ රෝගී තත්වය උග්‍රවෙනවා. මේක වෛද්‍යවරුන්ට තනිව කළ නොහැකි අතර සමාජමය වශයෙන් සැලකිලිමත්විය යුතුයි. ආහාර ගැනීමේ ප්‍රමාණ අඩුකළ යුතු අතර තුන්වේල බත්කෑම අඩුකළ යුතුයි. පුළුවන් තරම් ඇවිදීම කළ යුතුයි. මිනිසුන්ගේ ජීවන රටාව වෙනස්කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. නැතිනම් වකුගඩු නරක්වීම ව්‍යසනයක් දක්වා පැතිරෙන බව කිව යුතුමයි.

නීතිඥ ඉන්දික ගමආරච්චි-උතුරුමැද පළාතේ පමණක් නොව වකුගඩු රෝගීන් දකුණ හම්බන්තොට තිස්ස අතැළු රටපුරාම වාර්තා වෙනවා. ලෙබනනය වකුගඩු නිවාරන දිනය සැමරීමට එක් දිනක් නොව මාර්තු මාසයම යොදා ගෙන තියෙනවා.

වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා පිළිගැනීමේ කතාව කරමින් මෙසේද කීය. -

සංගමය වෙනුවෙන් ඩබ්ලිව් ඩබ්ලිව්.සමස්ත ලංකා කි්නි ලංකා නමින් සිංහලෙන් වෙබ් අඩවියක් ඇතිකළා.ඩයලොග් හරහා KDN 77220-කෙටි පනිවුඩ හරහා ආධාර ලබාදිය හැකිය. 1985දී මහාචාර්ය රිස්වි ෂෙරීෆ් මහතා මෙරට ප්‍රථම වකුගඩු බද්ධය සිදුකළා. 1987දී ප්‍රථම වකුගඩු රෝහල ඉදිකළා.2011ජුනි 06 සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය බිහිකළා.අපි සංගමයක් ලෙස වකුගඩු රෝගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා විවිධ වකුගඩු දිනවලදී භාෂා තුනෙන්ම පොත් 13ක් එළි දැක්වූවා.ප්‍රථම වරට වකුගඩු රෝගීන් වෙනුවෙන් රක්ෂණයක් ඇතිකළා. බෙහෙත් නොමිලයේ ලබා දෙන්න සංචිතයක් ඇති කර තියෙනවා.රෝගීන්ගේ බරපතල අවස්ථාවන්හිදී ඩයලසීස් 300ක් ලබාදෙන්න කටයුතු කර තියෙනවා. එම්.අයි.ආර්.මනින මැෂිමක් පරීක්ෂණ උපකරණ මිලදී ගෙනදී තියෙනවා. වකුගඩු රෝගීන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇතිකර තියෙනවා. රුවන්වැලිසෑය දළදා මාලිගාව වැනි පූජනීය ස්ථානවල ආගමික වැඩසටහන් සිදුකළා. විනිවිධ භාවයකින් අපට උදව් උපකාර කරන්න විශාල වශයෙන් ඉදිරිපත්ව සිටිනවා.වකුගඩු බද්ධ කළ අය එකතුව මෙවර මහාචාර්ය රිෂ්වි ෂෙරීෆ් කුසලාන ක්‍රිකට් තරගය පැවැත්වූවා.

මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරා මහතා-මේක ජාතික ප්‍රශ්නයක් නිසා වකුගඩු නිවාරන දිනය වෙනුවෙන් එක් දිනක් වෙනුවට ජනතාව දැනුවත්වීම වෙනුවෙන් සතියකවත් කාලයක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරනවා. ආසියාවේ වැඩිම සතුටින් ජීවත්වන්නේ භූතානයයි. ඔවුන් වැඩි වශයෙන් ආගමික පැත්තට බරව නිදහස් සැහැල්ලු දිවිපෙවතක් ගත කරන පිරිසක් සොබා දහමට අනුගතව බෞද්ධාගමික ලැදිව ලද දෙයින් සතුටුවී සිටින පිරිසක් එම නිසා ඔවුන් ජීවිතය ඉතා සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. 

නව අදහස දක්වන්න