ද්වී ශතක අභිමනට සැරසෙන මාතර ජනාධිපති විද්‍යාලය | දිනමිණ

ද්වී ශතක අභිමනට සැරසෙන මාතර ජනාධිපති විද්‍යාලය

තිහගොඩ විශේෂ කැලුම් බෝධිමාන

වසර 200 තරම් ඉපැරණි ඉතිහාසයකට උරුමකම් කියන මාතර කොටුව ජනාධිපති විද්‍යාලය සිය “ද්වි ශතක අභිමාන” නම් වු ජන්ම දිනය සැමරීමට පෙළ ගැසෙමින් සිටියි.

දකුණු පළාතේ, මාතර දිස්ත්‍රික්කයේ ඓතිහාසික ලන්දේසි කොටු පවුරේ සිට මිටර් 200ක් තරම් වන්නට කොටුව නම් නාගරික පරිසරයේ පිහිටි කුඩා ග්‍රාමයේ මාර - ජනාධිපති විද්‍යාලය පිහිටා ඇත.

මේ විද්‍යාලය දකුණු ලක පමණක් නොව සමස්ත දිවයිනේම කීර්ති නාම‍යක් වර්තමානය වන විට හිමි කර ගෙන ඇත. ඒ අතර අධ්‍යාපන, ක්‍රීඩා, සෞන්දර්ය, ඵලදායිතා ක්ෂේත්‍රය ඇතුළු බොහෝ අංශවලින් කැපී පෙනෙන ජයග්‍රහණ රාශියක් අත්පත් කර ගෙන දිනෙන් දින දිදුලන විද්‍යස්ථානයක් බවට පත් වී ඇත.

ජොන් කැලවේ පියතුමා මාතරට පැමිණ වර්ෂ 1817 අගෝස්තු මස මිෂනාරි පාසල් හයක් ආරම්භ කළ අතර ඉන් ප්‍රථම පාසල වුයේ එවකට කොටුව මොතෝදිස්ත නමින් හැඳින් වු වර්තමාන ජනාධිපති විද්‍යාලයයි.

මෙසේ ආරම්භ වන මෙතෝදිස්ත කනිටු විදුහල පාලනය කරනු ලැබුවේ මෙතෝදිස්ත දේව සභාවේ පුජකතුමන්ලා විසිනි. එවකට පාසලට ඇතුළත් වීමට වරම් ලබා ගත්තේ ‍කතෝලික දහම අදහන දරුවන් පමණක් වීම විශේෂත්වයයි. ආරම්භයේ දී සිසුන් 80ක් හා ගුරුභවතුන් තිදෙනෙක් සේවය කළ බව ද වාර්තාවල සඳහන් වේ.

1960 නොවැම්බර් මස 17 වන දින මෙතෝදිස්ත කනිටු විදුහල රජයට පවරාගත් අතර,එතැන් පටන් මෙම විද්‍යාලය හඳුන්වනු ලැබුවේ මාර- කොටුව කනිටු විදුහල නමිනි. ඒ සමඟම ජාති භේද, ආගම් භේද පසෙකලා සිංහල බෞද්ධ සිසුන්ට මේ පාසලේ දොරගුළු විවර වු අතර, රජයට පවරාගත් පසුව මෙහි පළමු විදුහල්පතිවරයා වුයේ ලයනල් ද සිල්වා මහතාය. එහෙත් ඔහුගේ පාලනය කාලය වසර තුනකට සීමා වුණි.

1963 සිට 1972 දක්වා වසර නවයක කාල පරිජේදයේ වරින්වර විද්‍යාලාධිපතිවරු හා විද්‍යාලාධිපතිවරියන් සිවු දෙනෙක් යටතේ මාතර කොටුව කනිටු විදුහල විවිධ අභියෝග හා දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් කාලතරණය කරමින් සිටියේ ය. මේ අතරතුර 1972 වර්ෂයේ විද්‍යාලයට පත්ව ආ බි.ජිනදාස විදුහල්පතිතුමිය 1995 දක්වා වසර 23ක් විද්‍යාලය පාලනය කරමින් අමිල මෙහෙවරක නිරත විය.

මාර-කොටුව මෙතෝදිස්ත, මාර-කොටුව කනිටු විදුහල නම් වු මේ පාසලේ ද්වි ශතකයේ වු ස්වර්ණමය යුගය උදා වන්නේ 1995 දී ශ්‍රේණිධාරි විදුහල්පතිවරයෙකු වු ඩි.සුදුසිංහ මහතාගේ ආගමනයත් සමගය.වසර 19ක අඛණ්ඩ විද්‍යාලාධිපති සේවා කාලයේ මෙතෙක් කලක් සිටි සියලුම ආදි කතුවරුන් පරයා විදුහල වෙනු වෙන් කිරීමට නියමිතව තිබු අමිලම මෙහෙය කළ බව පැවසිම අතිශොක්තියක් නොවනු ඇත.

විද්‍යාලයේ නම”මාර-ජනාධිපති විදුහල” ලෙස වෙනස් කරමින් ඇරඹි සේවය අධ්‍යාපන ,විෂය බාහිර,ඵලදායිතා,භෞතික සම්පත් හා මානව සම්පත් සංවර්ධනය වැනි සෑම ක්ෂේත්‍රයක් කරා පැතිර යවමින් විදුහල 1AB තත්ත්වයට උසස් කරන ලදි.පසුව 2009 -2010 -2012 වර්ෂවල 5 S ඵලදායිතා හා පාරිසරික පාසැල් තේරිමේ තරඟවලින් දිවයිනේ ප්‍රථම ස්ථානයට විදුහල පත් කිරීමට නායකත්වය ලබා දුන්නේ ය.

සුදුසිංහ මහතා 2014 වර්ෂයේ අග භාගයේ විශ්‍රාම යාමෙන් පසුව වසර දෙකක් වැනි කෙටි කාලයක් විදුහල්පති තනතුරට පත් වන්නේ කේ.ඩබ්ලිව්.කරුණානන්ද මහතා ය. එතුමාගේ කාලයේ දි 91% ක්ව තිබු සා-පෙළ ප්‍රතිඵල 94% ක් දක්වා ඉහළ නැන්වීමට කටයුතු කළේ ය.

මින් අනතුරුව විදුහල්පති ධුරයට පත් වන්නේ එම්.බි.විනිතා මහත්මියයි. එතුමිගේ සමය උදාවන විට සිසුන් 1531 හා ගුරුභවතුන් 79 දෙනෙක් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල 08 දෙනකුගෙන් විද්‍යාලීය කාර්ය මණ්ඩලය සමන්විත වේ.එම්.බි.විනිතා විදුහල්පතිතුමිය සිය පාලන කාලය තුළ දී ප්‍රධාන ස්ථානය ලබා දි ඇත්තේ සිසු විනය ඉහළින් වර්ධනය කිරීමටත් පරිපාලනය වඩාත් විධිමත් හා ඵලදායි කිරීමටත් අධ්‍යාපන සංවර්ධනය 100% කින්ම වර්ධනය කිරීමට ය. ඒ සඳහා අවශ්‍ය සැලැසුම් සකස් කර මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.

විද්‍යාලයේ මුළු භුමි ප්‍රමාණය පර්චස් 120 කි.මෙය ද ජනාධිපති විදුහල සතු වු සමස්ත ලංකා වාර්තාවකි. අඩුභුමි ප්‍රමාණයක වැඩිම ශිෂ්‍ය ඝනත්වයක් සහිත ලංකාවේ ඇති පාසල මාර-කොටුව ජනාධිපති විද්‍යාල යයි. මෙය තරමක් කර්කශක තත්ත්වයක් නිසා වපසරිය පුඵල් කර ගැනීමට වත්මන් විදුහල්පතිනිය මහත් පරිශ්‍රමයක් දරමින් සිටියි. මේ සියලු කාර්ය සඳහා ඇයට නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගෙන් ද ගුරු භවතුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලවලින් ද ආදි සිසුන් මාපියන්ගෙන් ද ලැබෙන්නේ නොමඳ සහයෝගයකි.

200 වන සංවත්සර උළෙල “ද්විශතක අභිමාන” නමින් මේ මස 13 සිට මේ මස 17 දක්වා ශ්‍රමදාන,පිරිත් හා දානමය පින්කම් ,සංවත්සර මහා සභාවක් හා සංවත්සර ප්‍රසංගයක් සංවිධාන කර ඇති අතර 200 වසර සැමරීමට 2017 වසර පුරාම විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පාලනාධිකාරිය හා ආදි සිසු සංගමය කටයුතු කරමින් සිටියි.

නව අදහස දක්වන්න