හලා­වත වැවිලි සමා­ගමේ ලාභ­යෙන් මිලි­යන 30ක් මහා භාණ්ඩා­ගා­ර­යට | දිනමිණ

හලා­වත වැවිලි සමා­ගමේ ලාභ­යෙන් මිලි­යන 30ක් මහා භාණ්ඩා­ගා­ර­යට

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින හලාවත වැවිලි සමාගම තම ආයතනය මෙවර ලැබූ ලාභයෙන් රුපියල් මිලියන 30ක මුදලක් මහා භාණ්ඩාගාරයට පිරිනමන ලදී. අදාළ චෙක්පත රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා සමඟ හලාවත වැවිලි සමාගමේ සභාපති ආසිරි හේරත්, විධායක අධ්‍යක්ෂ මනීෂ සෙනෙවිරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ අජිත් සිල්වා මහතා එක්ව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පසුගිය දා (08) සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පිරිනමන ලදී.

හලාවත වැවිලි සමාගම පසුගිය වසරේ මිලියන 20ක් මහා භාණ්ඩාගාරයට ලබා දී ඇති අතර, ලබන වසරේ දී සමාගමේ ලාභයෙන් රුපියල් මිලියන 50ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබා දීමට අපේක්ෂා කෙරේ. මේ වන විට රබර්, තේවලින් ලැබෙන ආදායම පහළ මට්ටමක පැවතුණත් හලාවත වැවිලි සමාගම සතු අක්කර 16000ක ඉඩම් ප්‍රමාණයක් පොල් වගාව සඳහා ප්‍රමුඛතාව ලබා දී ඇති නිසා මෙවැනි ආදායමක් ලැබූ බව එහි සභාපති ආසිරි හේරත් මහතා පවසයි.

2010 - 2013 වසරවල ආයතනයේ අවිධිමත් පාලනය නිසා රුපියල් මිලියන 400ක මුදලක් අහිමිව තිබුණත් මේ වන විට මේ වසරේ දී රුපියල් මිලියන 78ක ලාභාංශයක් උපයා ගැනීමට හැකි වී ඇති බව පැවැසූ විධායක අධ්‍යක්ෂ මනීෂ සෙනෙවිරත්න මහතා මේ සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාගෙන් ලැබූ මඟපෙන්වීම ආයතනයේ ප්‍රගතියට විශාල වශයෙන් ඉවහල් වූ බව පැවැසීය. 

අදහස් 1ක් ඇත

eka mathi kenekuta vahanayak gannath miliyana 40k yanawane . ethakotamiliyana 30k eka vanayakatath madinee

නව අදහස දක්වන්න