රත්මලාන ගුවන් තොටුපොළ අන්තර්ජාතික මට්ටමට | දිනමිණ

රත්මලාන ගුවන් තොටුපොළ අන්තර්ජාතික මට්ටමට

ශ්‍රි ලංකා සිවිල් ගුවන් සේවයේ ඉතිහාසය වෙනස් කරමින් රත්මලාන ගුවන් තොටුපළ මාලදිවයිනයින හරහා චීනය වෙත ගමන් කරන අන්දමේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පරිවර්තනය කිරීමට සැලසුම් කර ඇත.

මෙම මෙහෙයුම සඳහා මාලදිවයින් ගුවන් යානා 60 ක් සහ D8 ගුවන් යානා කියත්මක වේ.ගුවන් තොටුපළ හා ගුවන් තොටුපළ අධිකාරිය ධාවන පථය බලා ඇති අතර අනෙකුත් පහසුකම් සහ රත්මලාන ගුවන් ‍තොටුපළේ අනෙකුත් ප්‍රමිතීන් අනුමත කර ඇත‍.මේ සඳහා අමාත්‍ය නිමල් සිරිපාල මහතා මුලිකත්වය දී තිබෙන අතර මාලදිවයින් සිවිල් ගුවන් සේවා අමාත්‍ය මුසා සමීර් නිමල් සිරිපාල මහතා සමඟ එක්ව ඉදිරි දිනකදී මේ සැලසුම සම්බන් ද අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය. මේ සැලසුම මගින් රත්මලාන ගුවන් තොටුපළ වෙනස් ආකාරයකින් සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය වැඩි වන බව අමාත්‍ය නිමල් සිරිපාල මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

නව අදහස දක්වන්න