‘ස්ත්‍රී ගිණුම’ නව මුහු­ණු­ව­ර­කින් | දිනමිණ

‘ස්ත්‍රී ගිණුම’ නව මුහු­ණු­ව­ර­කින්

උදුලා පීරිස්

ජගත් කාන්තා දිනය නිමිත්තෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ලෝක වෙළඳ පොළ ශාඛාව විසින් කාන්තා ‘ස්ත්‍රී ගිණුම’ නව මුහුණුවරකින් හඳුන්වාදීම පසුගියදා එම ශාඛාවේදී සිදු කෙරිණි.

‍එම ශාඛාවේ කළමනාකාරිණී ෂෙරීන් ද සිල්වා මහත්මියගේ උපදේශකත්වයෙන් සිදුකළ මේ දැනුවත් කිරීමේ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ පාරිභෝගිකයෙකුගේ බිරිද,මව හෝ දියණිය ස්ත්‍රී ගිණුම් හිමිකාරියෙක්නම් සූර්යබල පුද්ගලික ණය සඳහා හිමිවන 1%ක පොළී සහනය සහ ස්ත්‍රී ගිණුම් හිමිකාරිනියන් සඳහා රන් උකස් පොළී සහනය,උපාධි ප්‍රදානෝත්සවයේදී හා විවාහ මංගල්‍යයේදී,දරු උපතකදී ,25 වන විවාහ සංවත්සරයේදී ලැබෙන ප්‍රතිලාභ මෙන්ම අදාල ස්ත්‍රී ගිණුම තුලින් අත්වන අතිවිශාල ප්‍රතිලාභ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරන ලදි.

ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ නීති අධ්‍යක්ෂිකා රේණුකා වීරකෝන්.ශ්‍රී ලංකා එයාර්ලයින්ස් මගී අලෙවි කළමනාකරු චාමෙන් ගුණරත්න,ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නීති අධ්‍යක්ෂිකා චායා තිලිණි විතානවසම් ඇතුළු කාන්තාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න