ක්ලෙමන්ට්ගෙන් කේක් ප්‍රද­ර්ශ­නයක් | දිනමිණ

ක්ලෙමන්ට්ගෙන් කේක් ප්‍රද­ර්ශ­නයක්

ශ්‍රී ලංකාවේ කේක් නිෂ්පාදන කලාවේ ප්‍රමුඛයා වන ආර්. එල්. ක්ලෙමන්ට් විසින් ඉදිරිපත් කරනු ලබන මල්මී කේක් ප්‍රදර්ශනය 2017 මාර්තු 25 හා 26 දිනවල ‍පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ නුගසෙවණේදී 18 සහ 19 දිනවල මහනුවර ඩෙවෝන් රෙස්ට්හිදී පැවැත්වේ.

ආර්. එල්. ක්ලෙමන්ට් සිය නිර්මාණශීලි ඉදිරිපත් කිරීම් මඟින් කේක් රසිකයන්ගේ හදවත් දිනාගනු නොඅනුමානය. නිර්මාණ රැසක් සමඟ මෙවැනි ප්‍රදර්ශනයක් ඉදිරිපත් කිරීමට ඔහුට හැකිවීමේ රහස දැඩි කැපවීම හා අධිෂ්ඨානයයි. ඔහුගේ සිසු සිසුවියන්ගේ අදහසයි.

“ මල්මී” ‍කේක් ප්‍රදර්ශනය නරඹන්නන් ක්ලෙමන්ට්ගේ විස්මිත නිර්මාණවලින් මවිතයට පත්වනවාට කිසිදු සැකයක් නැත 


නව අදහස දක්වන්න

Or log in with...