බෝර්නියෝ සෙවන්ස් ආරාධිත රගර් තරගාවලිය හෙට ඇරැඹේ | දිනමිණ

බෝර්නියෝ සෙවන්ස් ආරාධිත රගර් තරගාවලිය හෙට ඇරැඹේ

ෆවුස් මොහොමඩ්

ලබන මස හොංකොං නුවර පැවැත්වෙන ලෝක සත් සාමාජික රගර් ශූරතාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට කදිම පෙරහුරු තරගාවලියක් ලෙස සැළකෙන බෝර්නියෝ සෙවන්ස් ආරාධිත රගර් තරගාවලිය හෙට සහ අනිද්දා මැලේසියාවේ බෝර්නියෝ හී දී පැවැත්වෙයි. කාන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම පැවැත්වෙන මේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා පිටත්ව ගිය අතර එහි නායකත්වය ධනුෂ්ක රන්ජන්ට හිමිවී ඇති අතර කාන්තා පිලේ නායකත්වය රන්දිකා කුමුදුමලීට හිමිවී තිබේ.

නවසීලන්තයේ ඕල් බ්ලැක්ස් පිලේ හිටපු ක්‍රීඩක පීටර් වුඩ්ස්ගේ නව පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා පිල විදෙස් සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙය වේ. කාන්තා පිලේ පුහුණුකරු ලෙස සුදත් සම්පත් කටයුතු කරයි. ශ්‍රී ලංකා පිලේ සහය පුහුණුකරු ලෙස රජිව් පෙරේරා කටයුතු කරන අතර ශ්‍රී ලංකා රගර් ආයතනයේ ඉහළ දස්කම් පිළිබඳ කළමනාකරු ඉම්ති මරික්කාර් ද සංචාරයට එක්වී සිටි. පිරිමි කණ්ඩායමේ කළමනාකරු ලෙස රොහාන් චින්තක සහ කාන්තා පිලේ කළමනාකාරිනිය ලෙස පියුමිකා තිලකවර්ධන කටයුතු කරති.

ශ්‍රී ලංකා රගර් කණ්ඩායම - ධනුෂ්ක රන්ජන් (නායක), ශ්‍රීනාත් සූරියබණ්ඩාර, දනූෂ දයාන්, ජේසන් දිසානායක, රිචඩ් ධර්මපාල, සයුරි ඇන්තනී (මහනුවර ක්‍රීඩා සමාජය), සුදර්ශන මුතුතන්ත්‍රී, කෙවින් ඩික්සන් (හැව්ලොක්ස්), කවිඳු පෙරේරා, ඕමල්ක ගුණරත්න (සී.ආර්.), සාලිය හඳපාන්ගොඩ (නාවික), රීසා රෆායිඩීන් (පොලිසිය)

කාන්තා කණ්ඩායම - රන්දිකා කුමුදුමලී (නායිකා), අනූෂා අත්තනායක, අයේෂා පෙරේරා, අයේෂා කළුආරච්චි, චරනි ලියනගේ, දසුනි ද සිල්වා, දිලිනි කාංචනා, දුලානි පල්ලිකොන්ඩගේ, නදීකා මුණසිංහ, සංජීවනී ද සිල්වා, තනූජා වීරක්කොඩි, වාසනා වීරක්කොඩි. 

 


නව අදහස දක්වන්න

Or log in with...