කැලණියේ පවුල් ‍200කට බුදු පිළිම පූජා කිරීම | දිනමිණ

කැලණියේ පවුල් ‍200කට බුදු පිළිම පූජා කිරීම

කැලණිය සාම මහා දේවාලයේ අධිපති ඩබ්ලිව්. පී. ආරියරත්න මහතා ඇතුළු එහි දායක සභාව විසින් පසුගිය වසර කීපයක් පුරා ලංකාවේ සෑම ගමක්ම ආවරණය වන පරිදි සංවිධානය කර තිබූ ශ්‍රී මහා සම්බුද්ධ වන්දනා වැඩසටහනේ දෙවන අදියර වන ‘ගමයි පන්සලයි’ තේමාව කොටගෙන රට පුරා සියලුම විහාරස්ථානයන්හි අන්තර්ගත පවුල් 200 බැගින් තෝරාගෙන බුදුපිළිම වහන්සේ ප්‍රදානය කිරීමේ ප්‍රථම වැඩසටහන කැලණිය පිලපිටිය බරණැස්කන්ද පුරාණ විහාරස්ථානයේදී සිදුකළ අයුරු.

මෙහිදී ආගමික වතාවත් කහටවිලවත්තේ පාලිත හිමියන් විසින් ඉටුකළ අතර සාම මහා දේවාල කමිටු සභාපති වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සඳහා බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් අශෝක සිල්වා සහ කැලණිය ශ්‍රී. ල. නි. ප. ප්‍රධාන සංවිධායක තිලක් වරාගොඩ මහත්වරුද සහභාගි වූහ.

කතානායක කරු ජයසූරිය මහතාගේ දියණිය වන අභාවප්‍රාප්ත ඉන්දිරා ජයසූරිය මහත්මියට පින් පිණිස මෙවර පින්කම සිදුකළ බව ද සාම මහා දේවාලයේ භාරකරු ඩබ්ලිව්. පී. ආරියරත්න මහතා පැවැසීය.

 

ඡායාරූප
කැලණිය විශේෂ ලයනල් පී. පෙරේරා 

 

නව අදහස දක්වන්න