මෛත්‍රී යුගයේ අනාගත ප්‍රවේශය | දිනමිණ

මෛත්‍රී යුගයේ අනාගත ප්‍රවේශය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උතුරු මැද පළාතෙන් පැවත එන්නෙක් වන අතර ඔහු වෘත්තියෙන් කෘෂිකාර්මිකයෙකි. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස 1989 දී ප්‍රධාන දේශපාලන පක්ෂයට එකතු වී 1994 සිට අමාත්‍යංශ ගණනාවක් හොබවන ලදී. ඔහු 2015 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස ද 2014 නොවැම්බර් වන තෙක් සෞඛ්‍ය ඇමැති ලෙස ද කටයුතු කර තිබුණි.

පෙර සිටි ජනාධිපතිවරයන් මෙන් නොව සිරිසේන මැතිතුමා ස්ව කැමැත්තෙන් ම ස්වකීය ජනාධිපති බලය පාර්ලිමේන්තුවට පවරන ලදී. ඔහුගේ සරල බව හේතුවෙන් බොහෝ මිනිසුන්ගේ සහයෝගය ඔහුගේ ජයග්‍රහණයට හේතු වූවා මෙන් ම අනෙකුත් සියලු ම දේශපාලකයින් ට එය ආදර්ශයක් විය. “සරල බවක් නොමැති තැන උසස් බවක් නොමැත” යැයි වරක් ලියෝ ටෝල්ස්ටෝයි ප්‍රකාශ කර ඇත. ඔහු ස්ථීර අරමුණක් සහිත නිහතමානී පුද්ගලයෙක් මෙන් ම රටට විශාල නව වෙනසක් ඇති කිරීමට සමත් පුද්ගලයෙකි. ඔහුගේ වසර දෙකක කාල පරිච්ඡේදය තුළ ප්‍රජාත්‍රන්තවාදය ශක්තිමත් කරමින් අර්ථවත් වූ ප්‍රතිසංස්කරණ සිදු කර ඇත.

අපි 2017 දෙසට යොමු වීමේ දී, ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික ස්ථායීතාව, දේශපාලන ස්ථාවරත්වය, කාර්මික විශේෂඥ කාර්යක්ෂමතාව, සැබෑ ලෙස ම සාමයට පිවිසීම, යහපාලනය සහ අඛණ්ඩ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ හැසිරවීම සහ කළමනාකරණය මත රඳා පවතී. පසුගිය වසර තිහක යුද සමය හා ඉහළ රාජ්‍ය වියදම්, 2013 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 86% ක් 2015 දී 75% ක් ලෙස මහ ජනතාව ඉහළ ණය බරකට දායක වී තිබුණි. ශ්‍රී ලංකාවට මෙතැන් පටන් දරිද්‍රතාව අවම මට්ටමක් දක්වා පහළ මට්ටමකට දැමීම සඳහා ආයෝජන අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයෙන් 30% මට්ටමක් හා ආර්ථික වර්ධන අනුපාතය 7% - 8% ක මට්ටමක පවත්වා ගෙන යාමට අවශ්‍ය වී ඇත. පසුගිය අවුරුදු දහය තුළ, ආයෝජන මට්ටම ද.දේ.නිෂ්පාදිතයෙන් 25% ක සාමාන්‍යයක් ව පැවතුණි.

2004 සුනාමියෙන් පසු ශ්‍රී ලංකාවට නැවත නැඟී සිටීමට 2005 දී යුරෝපා සංගමය පිරිනමන ලද GSP Plus වෙළඳපළ ප්‍රවේශ වැඩ සටහන යටතේ 2006 – 2008 කාලය තුළ යුරෝපයට සිදු කළ අපනයන තියුණු ලෙස වැඩි කර ඇත. කෙසේ වෙතත්, දීර්ඝ විමර්ශනයකින් පසු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ ව චෝදනා හේතුවෙන් GSP Plus වෙළඳපළ ප්‍රවේශ වැඩ සටහන 2010 පෙබරවාරියේ දී ඉවත් කිරීමට යුරෝපා සංගමය තීරණය කරන ලදී.

ශ්‍රී ලංකාවෙන් යුරෝපා වෙළඳපළට සිදු කරන අපනයන තීරු බදුවලින් තොර ව කිරීමට GSP Plus මඟින් හැකි විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් ඔවුන්ගේ ඵලදායීතාව සහ තරගකාරීත්වය රඳවාගෙන ඇත. නමුත් ඇත්ත වශයෙන් ම ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර වූ සම්බන්ධතාවල වර්ධනය දෙපාර්ශවයේ ම වෙළඳාම් ශක්තිමත් කිරීමට උපකාරී වී ඇත.

2015 දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන වන රෙදිපිළි, තේ, රබර් සහ ආභරණ වටිනාකම ඇ.ඩොලර් බිලියන 10ක් පමණ වන විට ආනයන (ප්‍රධාන වශයෙන් තෙල්, ඇඟලුම්, ආහාර සහ යන්ත්‍ර සූත්‍ර) වටිනාකම ඩොලර් බිලියන 18 ක පමණ අගයක් ගත් අතර 2016 දී එහි අතිරික්තයක් බලාපොරොත්තු විය. වාණිජ ණය ගැනීම්, විදේශාධාර, සංචාරක කර්මාන්තය, විදේශයට ගලා යන ශ්‍රම බළකාය ආදියෙන් ශ්‍රී ලංකාවේ පවතින විශාල වෙළඳ හිඟය මූල්‍යනය කෙරේ. ශ්‍රී ලංකාවේ අපනයන තේ හා ඇඟලුම්වලින් ඔබ්බට ගිය විවිධාංගීකරණයක් ඇති කළ යුතුයි. ලෝක ව්‍යාප්ත බහු කෙඳි ගිවිසුම අවසාන වූ නිසා ඇඟලුම් අපනයන ඉහළ තරගකාරීත්වයකට මුහුණ දෙයි.

නව වරාය, මහාමාර්ග, හම්බන්තොට ප්‍රදේශයේ යෝජිත නව ආයෝජන, බලශක්ති බලාගාර ආදී යටිතල පහසුකම් සඳහා වන ව්‍යාපෘති සඳහා චීනය ප්‍රධාන ණය දෙන්නා ලෙස පත් වී තිබේ. එම නිසා, ශ්‍රී ලංකාව විදේශාධාර සහ සහය දිගටම ලබා ගැනීම තරමක් දුරට රටේ දේශපාලන සාමය පාලනය කිරීමට සහ ගෝලීය බලවේග සමනය කිරීමට රජයට ඇති හැකියාව මත රඳා පවතී.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජයට නැවත සමගි සන්ධානය පවත්වා ගැනීම අභියෝගයක් වී ඇත. නමුත් මෙය දේශපාලනික වශයෙන් හෝ ජනවාර්ගික එකමුතුකමේ සීමිත රාමුව තුළ එක එල්ලේ දැකිය නො හැක. මෙම කරුණු දෙකම ප්‍රජාතන්ත්‍රීකරණය, දේශපාලන ස්ථාවරත්වය මෙන්ම යහපාලනය සම්බන්ධිත ක්‍රියාවලියකි. අනෙක් අතර, යහපාලනය යනු උපුටා ගත් මූලධර්මයක් නොව ප්‍රායෝගික දෙයකි. අතිශයින් ම සැක සහිත නායකයන් සිටින ඡන්ද කොට්ඨාසයක් මගින් යෝජිත ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ තහවුරු නො වනු ඇත. දේශීය මට්ටමින් බලය පැවරීමට ඉඩ දෙන සහ මධ්‍යගත බලය හුවමාරු වන නව ව්‍යවස්ථාව තුළින් ප්‍රජාතන්ත්‍රීකරණය මත කේන්ද්‍රගත වී ඇති දේශපාලන සමගි සන්ධාන ක්‍රියාවලියක් රාජ්‍ය ප්‍රතිසංස්කරණය කිරීමට මැදිහත් විය යුතු ය.

එවැනි පසුබිමක් තුළ ජනාධිපති වරප්‍රසාද නො ලත් අයගේ ප්‍රශ්න තේරුම්ගෙන දේශපාලන සමගි සන්ධානය වැඩි දියුණු කිරීම සහ සියලු ම ජනතාවට රටක් වශයෙන් අපගේ සම්පූර්ණ විභවතාවයන් අවබෝධ කර ගත හැකි පරිදි එක ම ජාතියක් ලෙස එකට එකතු වී වැඩ කිරීමට ඇති හැකියාව තහවුරු වන පරිදි ඔවුන් ට උදව් කිරීමට ක්‍රියා කළ යුතු ය. එසේ කිරීමට දැන් අවස්ථාව උදා වී ඇත.

 

දිනේෂ් වීරක්කොඩි

නව අදහස දක්වන්න