නීති විරෝධීව වැලි ගොඩ දැමූ සැක දෙදෙනකුට දඩ | දිනමිණ

නීති විරෝධීව වැලි ගොඩ දැමූ සැක දෙදෙනකුට දඩ

නීති විරෝධීව වැලි ගොඩදැමීමේ චෝදනාවට වැරදිකරුවන්වු සැකකරුවන් දෙදෙනකුට මොරවක මහේස්ත්‍රාත් ජානක සමරසිංහ මහතා විසින් එක් අයකුට රුපියල් පණස් දහස බැගින් දෙදෙනාට රුපියල් ලක්ෂයක් (100000.00) දඩනියම කරන ලදී.

ඌරුබොක්ක පොලිසියේ නිලධාරී පිරිසක් ජංගම මුර සංචාරයේ යෙදී මොරගල, පොත්දෙණිය වාරි ඇළ මාර්ගයේ බලපත් රහිතව හා නීති විරෝධීව වැලිගොඩ දැමීමේ යෙදී සිටියදී මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසිය සඳහන් කරන පරිදි විත්තිකරුවන් මොරවක මොරගල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

නිති විරෝධීව ගොඩදමන ලද වැලි සහ ඒ සඳහා උපයෝගීකර ගන්නා ලද උපකරණ නඩු භාණ්ඩ ලෙස පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.නඩු විභාගය අවසානයේදී එකී භාණ්ඩ රාජසන්තක කිරීමට මහේස්ත්‍රාත් වරයා විසින් නියෝග කරනලදී.

ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.කේ. රුක්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම් සිදුකර ඇත. 

පි.පි.ජි. සුගතදාස
තිහගොඩ සමුහ

නව අදහස දක්වන්න