ආරවුල දුරදිග: දේපළට හානි කළ සැකකරු දැලේ | දිනමිණ

ආරවුල දුරදිග: දේපළට හානි කළ සැකකරු දැලේ

දොඹගහවෙල බලබැද්ද ගල්වැටිය ප්‍රදේශයේ නිවාස තුනකට හා වෙළෙඳසලකට පහර දී අලාභහානි සිදුකර පලා ගොස් සැඟවී සිටි ගුවන් හමුදාවෙන් ඉවත් වූ සෙබළකු බලබැද්ද ප්‍රදේශයේදී යතුරුපැදියත් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුකර ඇති අතර රුපියල් 20,000 පමණ අලාභයක් සිදුකර ඇති බව පොලිසිය පවසයි.

මෙම පහරදීමෙන් පසු පොලිසියට කට්ටි පනිමින් පලා ගොස් සිටි අතර පසුව ප්‍රදේශයට ආ විගස යතුරුපැදියත් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. මොනරාගල පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් පරිදි සියඹලාණ්ඩුව පොලිස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල ධර්මප්‍රිය සේනාපති ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කොස්තාපල්වරුන් වන විජේසිරි (61889), සුමනසිරි (15538), මුණසිංහ (67169) නිලධාරීහු වැටලීම කළහ. 

සියඹලාණ්ඩුව විශේෂ
ගුණපාල ලියනගේ


නව අදහස දක්වන්න

Or log in with...