බංග්ලාදේශය ඉතිහාසය වෙනස් කරයි | දිනමිණ

බංග්ලාදේශය ඉතිහාසය වෙනස් කරයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය මීට ටික වේලාවකට පෙර වාර්තා කළේය.

එම ජයග්‍රහණය බංග්ලාදේශයට වඩා සුවිශේෂී වන්නේ මෙම තරගය ඔවුන්ගේ 100 වැනි ටෙස්ට් තරගය වූ නිසයි.

අද ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්යක් හඹා ගිය, බංග්ලාදේශ ක්‍රීඩකයින්, කඩුලු 04ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී සීමාව පසු කළේය.

බංග්ලාදේශයට ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග ජයග්‍රහණයක් සඳහා වසර 16 ක් බලා සිටීමට සිදුවිය.

මෙම ජයග්‍රහණයේ තවත් විශේෂත්වයක් වන්නේ බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකීක ක්‍රීඩකයින් දෙපලක් වන චන්දික හතුරුසිංහ සහ තිලාන් සමරවීර කටයුතු කිරීමයි.

පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩයම සියලු දෙනා දැවී ලකුණු 338 ක් රැස් කළ අතර, ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ, බංග්ලාදේශ ක්‍රීඩකයින්, සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 467 කි.

තරගය අද 5 වැනි දිනය සඳහා ආරම්භ කරන විට, දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08 ක් දැවී ලකුණු 268 ක් රැස් කර ගෙන සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 319 ක් රැස් කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 191 ක ඉලක්යක් වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශයේ පළමු කඩුලු 02 ලකුණු 22 ක් තුළදී බිඳ වැටුණි.

තමීම් ඉක්බාල් ලකුණු 82 ක් රැස් කළ අතර, සෞම්‍ය සාකර් ලකුණු 10 යි.

ශබීර් රහමන් ලකුණු 41 ක් රැස් කළේය.

ඒ අනුව දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 01 – 01ක්ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවිය.

නව අදහස දක්වන්න