වයිකෝ ඇතුළු පිරිසක් අත්අඩංගුවට | දිනමිණ

වයිකෝ ඇතුළු පිරිසක් අත්අඩංගුවට

තමිල්නාඩු එම්.ඩී.එම්.කේ.පක්ෂ මහලේකම් වයිකෝ ඇතුළු පිරිසක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඒ ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී  ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වීමට එරෙහිවයි.
 
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකාවේ සිදුව ඇති බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා තවත් කාලය ලබාදිය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව ඇති යෝජනාවට විරෝධය පළ කරමින් මොවුන් උද්ඝෝෂණයේ නිරත වී ඇති බවයි.
 
විරෝධතාකරුවන් අමතමින් එම්.ඩී.එම්.කේ.පක්ෂ මහලේකම් වයිකෝ ප්‍රකාශ කර ඇත්තේ අදාළ විමර්ශනය සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා රජයට තවත් වසර දෙකක කාලයක් ලබාදිය යුතු බවට වන යෝජනාව අමෙරිකාව විසින් ඉදිරිපත් කර ඇති බවයි.  
 
මෙම නව යෝජනාව හරහා දෙමළ ජනතාවට අසාධාරණයක් සිදුවන බව පවසන වයිකෝ පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ඉන්දීය රජය අදාළ යෝජනාවට එරෙහි විය යුතු බවයි.

නව අදහස දක්වන්න