පොත්පත් කියැවීමෙන් නිධන්ගත රෝගවලට ඔසුවක් | දිනමිණ

පොත්පත් කියැවීමෙන් නිධන්ගත රෝගවලට ඔසුවක්

පසුගිය දිනෙක, බටහිර විශ්වවිද්‍යාල සිදු කළ පර්යේෂණ මඟින්, පොත්පත් කියැවීමෙන් නිධන්ගත වේදනා තත්ත්ව සුව කළ හැකි බව සොයා ගෙන තිබේ.

සාහිත්‍ය කෘති කියැවීම මඟින් මනසට කිසියම් සංසුන් බවක් ළඟා කර ගත හැකි බව ද ඔවුන්ගේ සොයා ගැනීමකි. පොත්පත්වල අන්තර්ගත ප්‍රීතිජනක සිදුවීම් කියවන පාඨකයාගේ සිතට, එම සිතිවිලි අවියෝජනීය ලෙස සම්බන්ධ වීමෙන්, ඔවුන්ගේ ජීවිතවලට ද සතුට ලැබේ.

ලිවර්පුල් විශ්වවිද්‍යාලය මඟින් කරන ලද පර්යේෂණයකදී, පොත්පත් කියැවීමෙන් මිනිසාගේ සිතෙහි පවතින දුක නැවතී, සතුටුදායී මතක අවදි කරන බව සොයා ගෙන තිබේ.

එමෙන් ම, සිතෙහි ධනාත්මක ආකල්ප වර්ධනය වීම සඳහා එමඟින් මනා පිටුබලයක් ලැබෙන බව ද පැවසේ. අමෙරිකාවේ සුප්‍රකට වෛද්‍යවරයකු වන ජෝෂි බ්‍රිලින්ටන් ප්‍රකාශ කරන්නේ, මිනිසුන්ගේ මානසික වේදනා සමනය කිරීම සඳහා, පොත්පත් කියැවීම ඉතාමත් ම වටිනා ඖෂධයක් බව ය.

භාවනාව මඟින් පුද්ගලයකු සතු නිධන්ගත වේදනා සමනය කළ හැකි බව පසුගිය වසරේ දී සොයා ගෙන ඇත. පොත්පත් කියැවීම මඟින් මානසික ආතතිය සහ නිධන්ගත වේදනා සමනය කළ හැකි බව සොයා ගෙන ඇත්තේ, දීර්ඝ කාලයක් පුරා කරන ලද ගවේෂණශිලී පර්යේෂණ ඇසුරිනි.

ඒ වගේම, ඉතාමත් සුළු කාලයක් ඇතුළත දී මානසික අසහනයෙන් මිදීමට හැකි ලෙහෙසිම මාර්ගය ලෙස ද මේ ක්‍රමය පිළිගෙන ඇති බව පැවසේ. විදෙස් රටවල එවැනි අසහනවලට ගොදුරු වන්නේ, විශ්වවිද්‍යාල උපාධිය හිමි කර ගැනීමට නොහැකි වූ අය බව සමීක්ෂණ මඟින් සොයා ගෙන ඇත.

බුෆැලෝ විශ්වවිද්‍යාලය මඟින් වයස අවුරුදු 51 වඩා වැඩි මිනිසුන් 19,000 කට පොත් පත් කියැවීමට ලබා දීමෙන්, ඒ බව සනාථ කරගෙන ඇත. මානසික ආතතීන්ට භාජනය වු අය සඳහා පොත්පත් කියැවීම සුදුසු බව, විදෙස් රටවලින් 80% ක් පමණ ම නිර්දේශ කර තිබේ.

 

මදාරා
අන්තර්ජාලය ඇසුරිනි

නව අදහස දක්වන්න