බස්නායක නිලමේගේ නිවසින් ඇත්දළ මතුවෙයි | දිනමිණ

බස්නායක නිලමේගේ නිවසින් ඇත්දළ මතුවෙයි

මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දරගේ නිවසේ තිබී ඇත් දළ දෙකක් සොයා ගෙන තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අද එම වැටලීම සිදු කරන ලදි.

ඒවායේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැති අතර මේ පිළබඳ බස්නායක නිලමේවරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා තලාතුඔය පොලිසිය ඔහු සොයා පරීක්ෂණ අරඹා ඇත.

වනජීවී නිලධාරීන් හා තලාතුඔය පොලිසිය එක්ව වැටලීම සිදුකළේය.

නව අදහස දක්වන්න