ත්‍රි/මලේ ඩෙංගු මර්දනයට වෙරුගල්හිදී වැඩසටහනක් | දිනමිණ

ත්‍රි/මලේ ඩෙංගු මර්දනයට වෙරුගල්හිදී වැඩසටහනක්

ත්‍රිකුණාමලය පුරා මේ දිනවල පැතිර යන ඩෙංගු උණ වසංගතය මේ වනවිට කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් පිට අනෙක් ප්‍රා.ලේකම් කොට්ඨාස වලට ද පැතිර යන්නට පටන් ගෙන ඇත.

වෙරුගල් ප්‍රා/ලේකම් කොට්ඨාසයේ ඊච්චලම් පත්තු ප්‍රාදේශයේ දී ඩෙංගු රෝගීන් කීප දෙනෙක් හමුවී ඇති අතර පැතිරීම වැළැක්වීම සඳහා මුළු දවස පුරාම ඊච්චලම්පත්තු ලංකා පටුන පුලිගල්අඩි ප්‍රදේශවල වෙරුගල් ප්‍රා.ලේකම් එස්.දයාබරන් මහතාගේ මූලිකත්වයෙන් මහජන සෞඛ්‍ය සේවා කාර්යාලය පොලිසිය හමුදාව සිවිල් ආරක්ෂක හමදාව ග්‍රාම නිලධාරින් ඇතුළු ස්වේච්ඡා සංවිධාන වල සහභාගිත්වයෙන් ඩෙංගු මර්දන වැඩ සටහනක් ක්‍රියාත්මක විය. මෙහි දැක්වෙන්නේ එහි අවස්ථා කීපයකි.

ඡායාරූපය-කන්තලේ සමූහ සුමිත්‍රා කුමාරිහාමි 

නව අදහස දක්වන්න