ඉඩම් නිවාස නැති රණවිරුවන්ට ‘විරුසු මිතුරු’ නිවාස ව්‍යාපෘතියක් | දිනමිණ

ඉඩම් නිවාස නැති රණවිරුවන්ට ‘විරුසු මිතුරු’ නිවාස ව්‍යාපෘතියක්

විජයානි එදිරිසිංහ

පසු ගිය දශක තුනකට අධික කාලයක් මේ රට ත්‍රස්තවාදින්ගෙන් බේරා ගැනිම සඳහා කැපවූ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ රණවිරුවන් අතරින් මෙතෙක් ඉඩම් කැබැල්ලක් හෝ නිවසක් නොමැති රණවිරුවන් සියලු දෙනාටම නිවාස සහ ඉඩම් ලබා දි අවසන් කිරීමට රජය තීරණය කර තිබේ.විරුසු මිතුරු නමින් ‍නම් කර ඇති මේ නිවාස ව්‍යාපෟතිය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහත්වරුන් සමඟ රණවිරු සේවා අධිකාරිය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මේ වන විටත් ආරම්භ කර තිබේ..

මේ අනුව මේ රට තුළ අස්සන් මුල්ලක් නෑර ඉඩම් කැබැල්ලක් හෝ නිවසක් නොමැති සියලුම රණවිරුවන්හට ඉඩම් සහ නිවාසක් හිමි වෙයි

මේ වන විට ඉඩම් සහ නිවාස ලැබී ඇති රණවිරුවනටද මෙම ව්‍යාපෟතිය යටතේ නිවසක් හෝ ඉඩම් යලි හිමිවන්නේ නැත.

දැනටමත් මෙම නිවාස ව්‍යාපෟතිය මඟින් රණවිරුවන් හාරදහසකට ආසන්න පිරිසකට නිවාස සහ ඉඩම් ලබා දිමට තෝරාගෙන ඇති අතර මේ සඳහා සෙසු ඉඩම් සහ නිවාස නොමැති රණවිරුවන්ගෙන්ද රණවිරු සේවා අධිකාරිය අයඳුම්පත් කැඳවා ඇති බව රණවිරු සේවාඅධිකාරියේ සභාපතිනිය පැවසුවාය.

මෙම ව්‍යාපෟතිය ක්‍රියාත්මක කිරිමේදි ඒ සඳහා යන වියදම් දැරිමට රජය සමඟ මේ රටේ නොම්මර එකේ ව්‍යාපාරිකයන් ගණනාවක් ඉදිරිපත් වි ඇති බවද අනෝමා පොන්සේකා සභාපතිවරිය පැවසුවාය.

මිට අමතරව උතුරු නැ‍ෙඟෙනහිර යුද්ධයට සම්බන්ධ වී ‍එහෙත් ක්‍රියාන්විතයකින් නොව වෙනත් හේතුවන් මත මිය ගිය ‍රණවිරුවන් වෙනුවෙන්නද පෙනි සිට ඹවුන්ට මෙතෙක් නොලැබුන යම් ප්‍රතිලාභයක් වෙයි නම් එම අවශ්‍යතා ලබා දිම ට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේදි ඹවුන්ගේ එම අවශ්‍යතා ලබා දිමට කටයුතු කර ගෙන යයි. අසනිප විමෙන් ‍හෝ වෙනත් හේතු මත මිය ගිය පිරිස මේ ඝණයට අයත් වෙයි. 

නව අදහස දක්වන්න