LOLC ෆිනෑන්ස් රියල් ටයම් ජංගම දුර­ක­ථන බැංකු විස­ඳුම | දිනමිණ

LOLC ෆිනෑන්ස් රියල් ටයම් ජංගම දුර­ක­ථන බැංකු විස­ඳුම

මුල්‍යමය විසඳුම් සඳහා කීර්තිමත් ශ්‍රී ලංකාවේ බැංකුමය නොවන මුල්‍ය ආයතන අතර දැවැන්තයකු වන LOLC ෆිනෑන්ස් පී.එල්.සී. ‘LOLC රියල් ටයිම්’ යන නමින් පුළුල් ගෙවීම් වේදිකාවක් නිරාවරණය කරයි. ජංගම දුරකථන සහ අන්තර්ජාල බැංකු විසඳුමක් වන එමඟින් LOLC ෆිනෑන්ස් ගනුදෙනුකරුවන්ට පොදු ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරුව හරහා ක්ෂණිකව මුදල් යැවීමට හෝ ලබාගැනීමට, ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය හරහා මුදල් යැවීමට හෝ ලබාගැනීමට හැකියාව ලැබේ. ‘LOLC රියල් ටයිම්’ මඟින් සුපිරි මට්ටමේ වේගවත්, පහසු මෙන්ම මුල්‍ය පරිසර පද්ධතිය තුළ පැහැදිලි ආරක්ෂාවක් අපේක්ෂා කරන ගනුදෙනුකරුවන්ට අද්විතීය සේවාවක් සලසයි.

‘LOLC රියල් ටයිම්’ මඟින් ගනුදෙනුකරුවන්ට දැන් සිය SMART ජංගම දුරකථනයේ රියල් ටයිම් APP එක හරහා සහඅන්තර්ජාල භාවිතයෙන්, LOLC ෆිනෑන්ස් ඉතුරුම් ගිණුමේ සිට ඕනෑම ගනුදෙනුකරුවකුගේ ඕනෑම බැංකු ගිණුමක් වෙත ඍජුවම සහ ක්ෂණිකව අරමුදල් හුවමාරු කළ හැකිවේ.

‘LOLC රියල් ටයිම්’ මඟින් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ බිල්පත් ගෙවීම් සහ වෙනත් නිශ්චිත ගෙවීම් ඉදිරි දිනක සිට බලපවත්වන පරිදි සිදු කළ හැකිය. එමෙන්ම LOLC ලීසිං සහ රක්ෂණ වාරික ගෙවීමටද පහසුකම් සලසයි. ගනුදෙනුකරුවන්ට ඕනෑම ස්ථානයක සිට LOLC ගිණුම් කිහිපයක් කළමනාකරණයට ඉඩ සැලසේ. LOLC ෆිනෑන්ස් ඉතුරුම් ගිණුම් හිමියන්ට ආකර්ෂණීය පොලියක් ලබා දෙන අතරම, ඕනෑම අගයක ඕනෑම LOLC රියල් ටයිම් ගනුදෙනුවක් සඳහා කිසිදු ගාස්තුවක්ද නොමැත.

නව අදහස දක්වන්න