කේරළ ගංජා සමඟ සැකරු දැලේ | දිනමිණ

කේරළ ගංජා සමඟ සැකරු දැලේ

යාපනය වැල්වැට්ටිතුරෙයි ප්‍රදේශයේ සිට රැගෙන එන ලද කේරළ ගංජා තොගයක් සැකකරුවකු සමඟ (24)වවුනියාව පුලියන්කුලම් මංසන්ධිය අසලදී අත්අඩංගුවට ගැනීමට වවුනියාව සුරාබදු නිලධාරින් සමත්ව ඇත.

ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදි ගංජා කිලෝ ග්‍රැම් 19යි ග්‍රෑම් 762ක් හා සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පවසන සුරා බදු නිලධාරීන් සැකකරු යාපනය වැල්වැට්ටිතුරෙයි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27ක් පමණ වැසැති අයකු බවද සඳහන් කරයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ජාවාරමට සම්බන්ධ සෙසු සැකකරුවන්අතුඅඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙයෙවන බවද සුරා බදු නිලධාරීහු පවසති.

වවුනියාව උතුර සමූස බන්දුල සෙනෙවිරත්න
ඡායාරූපය වවුනියාව උතුර සමූස

නව අදහස දක්වන්න