ගායන ශිල්පිනී විවියන් ද සිල්වා බොරලැස්සට මුදල් ආධාර | දිනමිණ

ගායන ශිල්පිනී විවියන් ද සිල්වා බොරලැස්සට මුදල් ආධාර

ග්‍රැමෆෝන් යුගයෙන් ගායන ක්ෂේත්‍රයට පිවිසි ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක ලෙස මෙරට ප්‍රවීණ ගායන ශිල්පිනියක වූ විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය දැඩි ලෙස රෝගාතුරව පසු වෙන්නීය.

ඇය මේ වන විට ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර දශක පහකට වැඩි කාලයක් ගායන ක්ෂේත්‍රයෙන් රසිකයන් පින වූ ඇය 88 වැනි වියේ පසුවෙයි.

ඇයගේ දියණිය හා පවුලේ ඥාතීන් හමු වූ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විවියන් ද සිල්වා මහත්මිගේ සුවදුක් පිළිබඳව විමසීමෙන් අනතුරුව ඉක්මන් සුවය පතා වෙද්‍ය ප්‍රතිකාර සඳහා ගුවන්විදුලි සංස්ථාව විසින් ලබාදෙන මූල්‍යමය ආධාර චෙක්පතක් ද පිරිනැමීය. මේ පිරිනැමීම සිදුකළේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාල පරිශ්‍රයේදීය.

ඡායාරූපය - හිනිඳුම සමූහ
ප්‍රාර්ථනා ලියනගේ

නව අදහස දක්වන්න