නුවරඑළියේ වසන්ත සැණකෙළිය ඇරැඹේ | දිනමිණ

නුවරඑළියේ වසන්ත සැණකෙළිය ඇරැඹේ

 2017 නුවරඑළිය වසන්ත සැණකෙළිය මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

නුවරඑළිය නාගරික කොමසාරිස් රුවන් රත්නායක මහතා සහ නුවරඑළිය මහනගර සභාව සංවිධානයකොට තිබූ මෙම උත්සවය වෙනුවෙන් පාසල්, පෙරපාසල් ඇතුළු තූර්යවාදක කණ්ඩායම් 54ක් සඳහා සිසු දරු දැරියන් 1887 දෙනෙක් සහභාගි වී සිටියහ.

තූර්යවාදක කණ්ඩායම්වලට සහභාගිවී සිටින තම දරු දැරියන්ගේ දක්ෂතා දැකබලාගැනීම සඳහා එම දරුවන්ගේ මවුපියන් හා ඥාතීන් විශාල පිරිසක් නුවරඑළිය නගර මධ්‍යයේ පැවැති මෙම උත්සවයට පැමිණ සිටි අතර ඒ හේතුවෙන් ප්‍රධාන වීථිය දෙපස සහ ප්‍රධාන බස් නැවතුම්පොළ ඉහළ මහලවල ද විශාල ජනතාවක් සිටිනු දක්නට ලැබිණි.

මෙම අවස්ථාවේදී නාගරික කොමසාරිස්වරයා පවසා සිටියේ පෙර වසන්ත සමයන්ට වඩා මෙවර සංචාරකයන් වෙනුවෙන් විශේෂ පහසුකම් රැසක් ලබාදීමට කටයුතු යොදා ඇති බවත් මිලියන දෙකක පමණ අතිවිශාල සංචාරකයින් පිරිසක් පැමිණෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

ඡායාරූප - නුවරඑළිය සමූහ 

 

නව අදහස දක්වන්න