ආහාර විෂ වී පොලිස් භටයෝ 200ක් රෝහලේ | දිනමිණ

ආහාර විෂ වී පොලිස් භටයෝ 200ක් රෝහලේ

 බී. බී. සී

දකුණු ඉන්දියාවේ ආහාර විෂ වීමකින් රෝහල් ගත කළ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව දෙසීය ඉක්මවන බව කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වේ. මේ ආහාර විෂවීම සිදු වී ඇත්තේ එම ප්‍රාන්තයේ පුහුණු කඳවුරකය.

මධ්‍යම අතිරේක පොලිස් බල ඇණියට අයත් ආධුනික භටයන් සහ අශ්වාරෝහක පොලිස් නිලධාරීන් පිරිසක් රාත්‍රි අහාරය සඳහා කඳවුරේ දී පිළිගැන්වූ මාළු ව්‍යාංජනයක් සහ බත් අනුභව කිරීමෙන් අනතුරුව මෙසේ රෝහල් ගත කළ බව සඳහන්ය. ඔවුන් වමනය සහ පාචනය තත්ත්වයෙන් පෙළුණු බව වාර්තා වේ. බොහෝ විට ඉන්දියාවේ හමුදා සහ පොලිස් පුහුණු කඳවුරු තුළ පිළිගන්වනු ලබන ආහාරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මීට පෙර කීපවතාවක්ම පැමිණිලි ඉදිරිපත්ව ඇත.

නව අදහස දක්වන්න