දෙහිඅත්තකණ්ඩිය පොලිසියෙන් පින්කම් රැසක් | දිනමිණ

දෙහිඅත්තකණ්ඩිය පොලිසියෙන් පින්කම් රැසක්

මහඔය සහකාර පොලිස් අධිකාරී කේ.ඩී.චන්ද්‍රපාල මහතාගේ සහභාගීත්වයෙන් පරිත්‍යාග සිදුකළ අයුරු

මහවැලි සී කලාපයේ පදිංචි තෝරාගත් ආබාධ සහිත පුද්ගලයන් විශාල පිරිසකට අවශ්‍ය උපකරණ බෙදාදීම , ජීවිතය යහමග යවන දේශනා සහ ලේ දන් දීම් ආදී පින්කම් රැසක් දෙහිඅත්තකණ්ඩිය පොලිසියේදී පසුගියදා පැවැත්විණි. අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරී උප පොලිස් පරීක්ෂක කේ.ඩබ්ලිව්.ඒ රෝහිත චන්ද්‍රලාල් මහතා ගේ සංකල්පයක් මත මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබුණි.

මෙම වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ ඒ මහතා මෙසේ කීය.

අද දවසේ අපි ඇස් කණ්ණාඩි 10 ක් ,රෝද පුටු30ක්,වෝකර් 3ක්,කෘතිම පාද 29 ශ්‍රවණ උපකරණ 34 ක් අත්වාරු 3ක් පොල් පැළ 200ක් සහ බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේගේ විස්තර ඇතුළත් සී.ඩී.තැටි 200ක් පරිත්‍යාග කළා.මේ සියල්ල දානපතින්ගේ පරිත්‍යාගයි.රොටරි සමාජය,මහනුවර හැන්ඩිකැප් ආයතනය,මයිලපිටියේ ප්‍රගති පැළ තවාන වගේම දානපති ව්‍යාපාරික ප්‍රජාව , සහ පොලිස් නිලධාරී මහත්ම මහත්මීන් මේ සඳහා උදව් කළා.මේ හැම දෙනාගේම උදව්වෙන් අසරණ වෙලා හිටිය විශාල පිරිසකගේ නෙතට සතුටු කදුලක් එක් කරන්න අපට පුළුවන්වුණා.මෙම වැඩසටහන 2012 සිට මම වසරක් පාසා සංවිධානය කරනවා.

මහඔය සහකාර පොලිස් අධිකාරී කේ.ඩී.චන්ද්‍රපාල,‍දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් අලගියවන්න යන මහත්වරු ප්‍රමුඛ දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ සියලුම නිලධාරීන් ,නිලධාරිනියන් මෙම කටයුතු සඳහා දායකත්වය ලබාදෙනු දැකිය හැකි විය.

දිඹුලාගල සමූහ 

නව අදහස දක්වන්න