පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා ශූරතාව ජනාධිපති ආරක්ෂක අංශයට | දිනමිණ

පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා ශූරතාව ජනාධිපති ආරක්ෂක අංශයට

 අසුවැනි වරට පැවැති පොලිස් අන්තර් කොට්ඨාස මලල ක්‍රීඩා උළෙලේදී ලකුණු 371ක් ලබාගනිමින් සමස්ත ශූරතාව දිනා ගැනීමට ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය සමත් විය. ඔවුන් තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාවද දිනා ගනිමිනි. සමස්ත අනුශූරතාව ලකුණු 364ක් රැස්කළ විශේෂ කාර්ය බළකාය සතුවිය. බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී දින 3ක් පුරා පැවැති තරගාවලියට කොට්ඨාස 57ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2800කට අධික පිරිසක් එක්වූහ. මෙහිදී ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය නියෝජනය කළ ක්‍රීඩකයන් නව තරග වාර්තා 6ක් බිහිකිරීමද විශේෂත්වයකි. එමෙන්ම වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස උ.පො.ප හේමන්ත කුමාර හා දක්ෂතම ක්‍රීඩකයා ලෙස පො.කො. රාජපක්ෂ සම්මාන දිනා ගැනීම කැපී පෙනුණි.

උ.පො.පරීක්ෂකවරුන් වන කසුන් මදුරංග (හෙල්ල) හා හේමන්ත කුමාර (මී.800/මී.1500) ප්‍රථම ස්ථාන දිනාගත් අතර පොලිස් කොස්තාපල්වරුන් වන ‍සංජීව (රිටි පැනීම), සුනන්ද (කවපෙත්ත/යගුලිය), උපේන්ද්‍ර (යගුලිය), ප්‍රදීප් (මී.100), රාජපක්ෂ (මී.4000), ප්‍රියශාන්ත (මී.400 කඩුලු) හා ජයසූරිය (කි.මී‍ 2 ඇවිදීම)ද ‍ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය නියෝජනය කරමින් ප්‍රථම ස්ථාන දිනා ගත්හ.

එමෙන්ම උප පොලිස් පරීක්ෂක විජේරත්න, හේමන්ත කුමාර, පොලිස් කොස්තාපල්වරුන් වන රොෂාන්, කසුන්, චින්තක, වික්‍රමආරච්චි, තෙන්නකෝන්, රත්නායක, ගීත්, ප්‍රදීප්, පතිරණ, මුදන්නායක, රාජපක්ෂ, ප්‍රදීප් ද කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන ජයනි, මංගලිකා, ශානිකා, දිමුතු, අචලා, ඒකනායක, මධුෂානි, රුවිනි, ලියනගේ, මංගලිකා, අචලා, ඒකනායක හා ලියනගේද දස්කම් දක්වමින් ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් වූහ.

ජනාධිපති ආරක්ෂක කොට්ඨාස ක්‍රීඩකයන් බිහිකළ නව තරග වාර්තා

උ.පො.ප. කසුන් මධුරංග ‍- හෙල්ල විසිකිරීම මී.63.66

උ.පො.ප. හේමන්ත කුමාර - මීටර් 800 වි.1 තත්.55

පො.ප. සුනන්ද - කවපෙත්ත මී.41.36

පො.කො. රාජපක්ෂ - මීටර් 400 තත්.49.10

පො.කො. ජයසූරිය - කි.මී 2 තරග ඇවිදීම වි.9 තත්.23

උ.පො.ප. හේමන්ත කුමාර/පො.කො.ප්‍රදීප්/පො.කො.වික්‍රමආරච්චි හා පො.කො.රාජපක්ෂ - මීටර් 400 සහාය වි.3. තත්.2 1.10 

 

නව අදහස දක්වන්න