සයිටම් කොටස්වල තාජුඩින්ගේ අස්ථි නැහැ | දිනමිණ

සයිටම් කොටස්වල තාජුඩින්ගේ අස්ථි නැහැ

සිරන්ජනි කුමාරි

මාලබේ සයිටම් ආයතනයේ තිබි සොයා ගනු ලැබු අස්ථි කොටස් සම්බන්ධව සිදු කරන ලද ජාන පරික්ෂණය අනුව ‍එම අස්ථි කොටස් අතර මරණකරුවු රගර් ක්‍රිඩක මොහොමඩ් වසිම් තජුඩින්ගේ අස්ථි කොටස් අඩංගු නොවන බවට ජින්ටෙක් ආයතනය සිය විශ්ලේෂණ වාර්තාව මඟින් දැනුම් දි ඇති බවට රහස් පොලිසිය ඊයේ (05) කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රසාද් සිල්වා මහතා වෙත දැනුම් දුන්නේය.

බොරැල්ල ජින්ටෙක් ආයතනය වෙත 2016/10/19 වන දින යොමු කරන ලද පපු අස්ථි කොටස් හා උදර අස්ථි කොටස් සම්බන්ධයෙන් මෙම ජාන පරික්ෂණය සිදු කළ අතර එකි වාර්තාව 2017/04/04 වන දින අධිකරණය වෙත මෙන්ම පිටපතක් රහස් පොලිසිය වෙත ඉදිරිපත් කර තිබු බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

ඒ අනුව අස්ථි කොටස් අස්ථානගතවිම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා උධෘත 2017/2/3 නිතිපතිවරයා වෙත නිතිපති උපදෙස් සදහා යොමුකළ බවට ද රහස් පොලිසිය අධිකරණය වෙත දැන්විය.

මිට අමතරව යුද හමුදා නිළධාරින්ගේ ප්‍රකාශ ඔහුන්ගේ දුරකථන ඇමතුම් සම්බන්ධව විශ්ලේෂණය කරන බවත් දෙවන සැකකරු වන අනුර සේනානායක මහතා විසින් අධිකරණයේ සිදු කරනු ලැබු ප්‍රකාශ සම්බන්ධව නිතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනිමට ක්‍රියා කරන බවට ද රහස් පොලිසිය අධිකරණය වෙත දැනුම් දුන්නේය.

අදාළ කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් මේ මස 18 වන දින දක්වා රක්ෂිතබන්ධනාගාරගත කිරිමට‍ නියම කළේය. 

නව අදහස දක්වන්න