වසරේ ජන­ප්‍රි­ය­තම ටෙලි­කොම් සහ ඉන්ට­ර්නෙට් සේවා සපයන්නා Dialog’ ජනතා මනා­ප­යෙන් අභි­ෂේක ලැබූ වගයි | දිනමිණ

වසරේ ජන­ප්‍රි­ය­තම ටෙලි­කොම් සහ ඉන්ට­ර්නෙට් සේවා සපයන්නා Dialog’ ජනතා මනා­ප­යෙන් අභි­ෂේක ලැබූ වගයි

පසුගිය දා පැවැති " 2017 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේ දී” වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සේවා සම්පාදක සහ ඉන්ටර්නෙට් සේවා සම්පාදක යන සම්මාන ද්විත්වයම මේ වසරේදී ද Dialog සමාගම හිමි කර ගැනීමට සමත් විය.

මේ ජනතා සම්මානය ලාංකීය පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර මත පදනම් වන අතර, මේ වසරේ දී Dialog සමාගම ජනප්‍රියතම ටෙලිකොම් සේවා සම්පාදක ලෙස

අඛණ්ඩව සය වැනි වරටත් සම්මානයට පාත්‍ර විය. එමෙන්ම වසරේ ජනප්‍රියතම ඉන්ටර්නෙට් සේවා සම්පාදක ලෙස පිට පිට පස් වැනි වරටත් ජනතා සම්මානයෙන් පිදුම් ලද, Dialog සමාගමේ මේ විජයග්‍රහනයට හේතුව ලෙස විශිෂ්ටතම සම්බන්ධතාවයෙන් සහ ලොව නවීනතම තාක්ෂණයෙන් නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාව බලගැන්වීම දැක්විය හැක.

"අප ලැබූ මේ සම්මානය පිළිබඳව නිහතමානීව සතුටු වෙනවා සේම එය අපට ඉමහත් ආඩම්බරයක්.’ බව ඩයලොග් ආසිආටා සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා පැවසීය. ‘ආරම්භයේ සිටම පාරිභෝගිකයන්ගේ සියලුම සන්නිවේදන අවශ්‍යතාවයන් සපුරාලමින් නිරන්තරයෙන්ම ඔවුන් වෙත විශිෂ්ට

සේවාවක් සැපයීම අපගේ අරමුණ විය. දශක දෙකකට වැඩි කාලයක් ශ්‍රී ලාංකික ජීවිත හා ව්‍යවසායන් අප සඵල කළ බව මේ සම්මාන ද්විත්වය මනාව තහවුරු කරයි” යැයි වැඩි දුරටත් අදහස් දක්වමින් වීරසිංහ මහතා පැවසීය.

 

නව අදහස දක්වන්න