මහින්දට ඇඳපු හරීන්ද්‍ර රටට කියපු දේ මෙන්න | දිනමිණ

මහින්දට ඇඳපු හරීන්ද්‍ර රටට කියපු දේ මෙන්න

ප්‍රබුද්ධි රණසිංහ

 

රීන්ද්‍ර අබේවික්‍රම කිව්වම දැන් අපේ රටේ නොදන්න කෙනෙක් නෑ. දවසින් මුළු රටක් නෙවෙයි ලොව ම කතා කරන චරිතයක් බවට හරීන්ද්‍ර පත් වුණේ වාර්ෂික පාසල් ක්‍රිකට් සැණකෙළියේ ප්‍රචාරණ රැළියකට හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ හැඩරුවට සමාන චරිතයකට පණ පෙවීම නිසා.

බුකියේ දරුණුවට ම විවේචනයට ලක්වුණ හරීන්ද්‍රට මේ නිසා ම මරණ තර්ජන පවා ආවා කියලා අපට දැනගන්න ලැබුණා. ඇත්තට ම මේ හරීන්ද්‍ර කවුද? ඇයි එයා මේ වගේ දෙයක් කළේ? ඔන්න ඒ ගැන හොයන්න y කණ්ඩායමේ අපි තීරණය කළා. හැබැයි ඒ දේශපාලනය කරන්නවත් කාටවත් කඩේ යන්නවත් නෙවෙයි.

කොල්ලෙක් ගත්ත සුපිරි ආතල් එකක් රටක් කළඹවන්න සමත්වීමත් මේ හරීන්ද්‍රට ඒ ගැන රටට කියන්න තියෙන්නෙ මොනවද කියලා දැනගන්න එකයි තමයි අපේ මේ සාකච්ඡාව කරන්න ප්‍රධාන ම හේතුව වුණේ.

 

බුකිය ගිනිතිබ්බා නේද?

එහෙම වුණා පොඩ්ඩක්

ඇයි මෙහෙම දෙයක් කරන්න හිතුවේ?

වාර්ෂික බිග් මැච් පෙරඩ් එකේ අපි කාලෙන් කාලෙට ඔය වගේ පොඩි පොඩි දේවල් කරනවා. මේ පාරත් කළේ ඒ වගේ වෙනසක් තමයි. නැතුව කිසිම යටි පරමාර්ථයක් මට තිබුණෙ නෑ.

කොහොමද ලැබෙන ප්‍රතිචාර

වර්ග දෙකක් තියෙනවා. එකක් හොඳයි. එකක් නරකයි.

මරණ තර්ජනත් එහෙම ආවා කියන්නෙ ඇත්තද?

ඔව්.

දුරකතන ඇමතුම් දෙකකින් මට මරණ තර්ජන කළා. ඒ වගේ ම ෆේස්බුක් හරහාත් ඒ වගේ මරණ තර්ජන කිරීම් කිහිපයක් දැක්කා.

ජීවිතේට තර්ජනයක් ඒවි කියලා බයක් නැද්ද?

දැනට නම් එහෙම බයක් නැහැ. එන දේකට මූණ දෙනවා.

පාරෙ බැහැලා යන්න පුළුවන් තත්ත්වයක් නෑ කියන්නෙ ඇත්තද?

(හිනා) එහෙම නැහැ. ඒත් ඔය වෙඩින්වලට එහෙම ගියාම සමහරු ඇවිත් පොඩි පොඩි විවේචනය කිරීම් නම් කරනවා.

හිටපු ජනාධිපතිතුමා කතා කළේ නැද්ද?

මගේ යාළුවෙක්ට කතා කරලා තිබුණා. එතුමා හිනා වෙවී අහලා තිබුණෙ "කවුද ඒ කොල්ලා?" කියලා. ඒ වගේ ම නාමලුත් හිනා වෙවී යාළුවෙක්ගෙන් අහලා තිබුණා "මචං උඹගෙ යාළුවෙක්ද ඒ?" කියලා. ඇත්තට ම හිටපු ජනාධිපතිවරයටවත් ඔහුගෙ පවුලෙ අයටවත් මේක බරපතල ප්‍රශ්නයක් නෙවෙයි ඔය අනිත් අයට වගේ.

 

මඩකලපුවට වෙලා හැංගිලා ඉන්නවා කියන්නේ ඇත්තද?

අපෝ නෑ. මම එහෙ ඉන්නෙ මගෙ බිස්නස් නිසා.

හරීන්ද්‍ර කාලෙන් කාලෙට ඔය වගේ වෙනස් දේවල් කරන චරිතයක්. මේ පාර කළ දේ ඇත්තට ම බර වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?

නෑ මට එහෙම දැන්නෙ නැහැ. අපි මේක කළේ විනෝදයට. පෙරඩ් එකේ මම යද්දි බොහෝ දෙනා ඇවිත් හිනා වෙවී මාත් එක්ක ෆොටෝ පවා ගත්තා.

බුකියෙන් ගොඩදෙනෙක් ඔබව විවේචනය කළා. ඒ ගැන මොකක්ද තියෙන අදහස?

විවේචනය කරන්න එයාලට අයිතිය තියෙනවා වගේ ම නිරූපණය කරන්න මට අයිතිය තියෙනවා. ඒක එයාලගෙ කැමැත්ත. මේක මගේ කැමැත්ත.

කොලුකමටද මේක කළේ නැත්තම් ඇත්තට ම මඩ ගහන්නද හිටපු ජනාධිපතිවරයාට?

මඩ ගහන්න අංශු මාත්‍රයක හෝ පරමාර්ථයක් මට තිබුණෙ නැහැ. ඇත්තට ම මේක කළේ විනෝදෙට. මම හිටපු ජනාධිපතිවරයාට ගොඩක් ගෞරව කරනවා.

වත්මන් ජනාධිපතිගේ ස්වරූපයටත් ඇඳගත් මිතුරෙක් ඔබ හා සිටියා. එහෙත් ඒ ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. ඔබයි විවේචනයට ලක් වුණේ. ඉතිං ඒ ගැන මොකද හිතෙන්නෙ?

ඒ යාළුවයි මමයි කතා කළෙත් ඕක ම තමයි. අපිටත් තියෙන එක ම ප්‍රශ්නෙ ඒකයි.

අම්මයි තාත්තයි බරට ම බරබරේ දැම්මා කියන්නෙ ඇත්තද?

හපෝ නෑ. තාත්තා නම් මේක භාරගත්තෙ හිනාවෙලා. බුකියෙන් මට මඩගහනවා කියලවත් මරණ තර්ජන ආපු කතාවවත් අම්මා නම් තාම දන්නෙ නෑ. ඒත් පින්තූර දැකලා නම් අම්මා හොඳට ම හිනා වුණා.

පවුලෙ විස්තරත් කියන්න කැමතිද?

තාත්තා ලිපිකරුවෙක්. අම්මා රස්සාවක් කරන්නෙ නැහැ. පොඩි මල්ලි රුහුණු විශ්ව විද්‍යාලයේ. ලොකු මල්ලි ගුවන් හමුදාවෙ.

ආයෙත් ඒ වගේ ආන්දෝලනයක් කරන්න හිතේ තියෙනවද?

බලමුකො. හැම පාර ම බිග් මැච් පෙරඩ් එකේදි මම වෙනසක් කළා. ඉස්සරහටත් ඒක කරනවා.

රඟපාන්න යෝජනාවක් ආවොත් මොකද කියන්නෙ?

දැනටමත් වේදිකා නාට්‍යයක රඟපාන්න එන්න කියලා යෝජනාවක් ආවා. ඉස්සරහට එහෙම යෝජනාවක් ආවොත් සතුටින් බාරගන්නවා.

ඔබ දවසින් අපේ රටේ විතරක් නෙවෙයි ලෝකෙ ම කතා කරන චරිතයක් වුණා. මොකද ඒ ගැන හිතෙන්නෙ?

ඒක හරි ම තාවකාලිකයි. උපරිම තව සති දෙකක් තියෙයි. අපේ රටේ මිනිස්සුන්ට කතා කරන්න දෙයක් හැදුනම උදේ රෑ නැතුව ඒ ගැනමයි කතාව. ඒත් සති දෙකකින් ඒ ගැන මතකවත් නෑ. ඊට පස්සෙ ඒ වගේ ම තව දෙයක් ගැන නහින එකයි එයාලගෙ පුරුද්ද.

බුකියෙන් ඔබව විවේචනය කරන අයට මොනවද කියන්න තියෙන්නෙ?

කවදාවත් හිටපු ජනාධිපති වරයාට අගෞරව කරන්න හිතාගෙන නෙවෙයි මේ දේ කළේ. ඇත්තට ම මහින්දට මම පෞද්ගලිකව කැමතියි.

ඔහුත් ඔහුගේ පවුලේ අයත් මේක හිනාවෙලා බාරගත්තා නම් පැත්තක ඉන්න අයට මේක මහා ජාතික අපරාධයක් විදිහට පේන එක නම් විහිළු සහගතයි. ළඟදිම මම හිටපු ජනාධිපතිවරයා හම්බෙන්න යන්නයි හිතාගෙන ඉන්නෙ.

ඇමතිවරයෙක්ගෙන් ඒ සඳහා යෝජනාවක් මට ඇවිත් තියෙනවා. ඉතින් ඔය මට බනින හැමෝටම කියන්න තියෙන්නෙ මේක පාට කණ්ණාඩි දාගෙන බලන්න යන්න එපා. මේක අහිංසක වින්දනයකට කළ අහිංසක උත්සාහයක් විතරයි.

කොහොම වුණත් මේ කතාවලින් පැහැදිලියි හිටපු ජනපති වගේ ම එතුමාගේ පවුලේ අයත් මේක ප්‍රහසනයක් ලෙස සලකපු බව.

 ඉතින් අපිට කියන්න තියෙන්නෙත් පාට කණ්ණාඩි දාගෙන හැමදේම වපර ඇහින් බලන්නෙ නැතිව මීට වඩා විවෘත මානසිකත්වයකින් හැම දෙයක් ගැන ම දකින්න පුරුදු වෙන්න කියලයි.

මාතර ශාන්ත තෝමසුවේ හරීන්ද්‍රලා ගත්ත ආතල් දිරවගන්න බැරිව සමහරු උඩු බුරන්නේ තමන්ට ඒ වගේ වින්දනයක් ගන්න බැරි වුණ නිසා කියලයි අපේ නම් පෞද්ගලික විශ්වාසය.

ඔය සමහර ප්‍රසිද්ධ ඉස්කෝලවල බිග්මැච් පෙරඩ්වලදි ප්‍රසිද්ධ බාලිකා පාසල්වල නිල ඇඳුම ඇඳන් නපුංසක ආතල් ගන්න අයියලාත් එක්ක බැලුවම හරීන්ද්‍ර ගත්ත ඒ අහිංසක වින්දනයේ වැරැද්දක් අපි නම් දකින්නෙ නෑ.

අදහස් 3ක් ඇත

ඔය සමහර ප්‍රසිද්ධ ඉස්කෝලවල බිග්මැච් පෙරඩ්වලදි ප්‍රසිද්ධ බාලිකා පාසල්වල නිල ඇඳුම ඇඳන් නපුංසක ආතල් ගන්න අයියලාත් එක්ක බැලුවම හරීන්ද්‍ර ගත්ත ඒ අහිංසක වින්දනයේ වැරැද්දක් අපි නම් දකින්නෙ නෑ.

Baiyo kiyanne wihiluwata da, munge nugath kama penne mewain thama, hama dema dakinne waradiyta, Mahindata hina wenna puluwn bathbalayanta mala paninwa, gon hrak

Api karapu nirupanayata waradak kiyan naa..eth jathika kodiya bima dala karapu de waradi..jathika kodiyata agaurawa karana eka waradi

නව අදහස දක්වන්න