ඩලස්ගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි | දිනමිණ

ඩලස්ගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයෙකු හා දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ඩලස් අලහප්පෙරුම මහතාගේ මෑණියන් වන ඒ.අලහප්පෙරුම මහත්මිය ඉකුත් 06 වන දා අභාවප්‍රාප්ත වූවාය.
 
ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු දූ දරුවන් හය (06) දෙනෙකුගේ මෑණියන් වන ඒ මහත්මිය වෘත්තීයෙන් ගුරුවරියකි.
 
රදම්පල මහා විද්‍යාලය ඇතුළු විදුහල් කිහිපයක විදුහල්පතිවරයෙක් ලෙස හා රදම්පල ප්‍රදේශයේ සුප්‍රසිද්ධ සමාජ සේවකයෙකුගේ බිරිඳ වූ අලහප්පෙරුම මහත්මිය ප්‍රදේශයේ කාන්තාවන්ගේ සුභ සිද්ධිය පිණිස සුවිශාල සේවාවක් කළ මාතාවකි.
 
අවසන් කටයුතු අප්‍රේල් 08 සෙනසුරාදා  සවස  රදම්පල දී  සිදු කරන අතර දේහය මහජන ගෞරවය සඳහා දික්වැල්ල , රදම්පල  රුහුණු පාය නිවසේ තැන්පත් කර ඇත.
 
දික්වැල්ල විශේෂ - ජී.සිරිසේන
 
 
 

නව අදහස දක්වන්න