'රත්නසිරිගෙන් ගත හැකි ආදර්ශ බොහෝයි' - ජනපති | දිනමිණ

'රත්නසිරිගෙන් ගත හැකි ආදර්ශ බොහෝයි' - ජනපති

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පිළිබඳ කල්තබන ලද ශෝක යෝජනාව අද (7) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැණුනු අතර විවාදයට එක්වෙමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේශපාලන ජීවිතයෙන් ගත හැකි බොහෝ ආදර්ශ රාශියක් තිබෙන බවත් ඔහු සිය වගකීම් ඉටු කළ සටන්කාමී නායකයෙක් බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

"රත්නසිරි වික්‍රමනායක සල්ලි හම්බ නොකළ බලය වැරදි ලෙස භාවිතා නොකළ ආදර්ශමත් දේශපාලන චරිතයක්. එතුමාගේ දේශපාලන ජීවිතයෙන් ගත හැකි බොහෝ ආදර්ශ රාශියක් තිබෙනවා. සිය වගකීම් ඉටු කළ සටන්කාමී නායකයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස රත්නසිරි වික්‍රමනායක මහතා කටයුතු කළා. තනතුරු ගණනාවක් එතුමා විසින් හොබවනු ලැබුවා.

50දසකය සඳහන් කළොත්,රත්නසිරි වික්‍රමනායක මැතිතුමා කළ යුතු කාර්යයන් මානවවාදී ලෙස සිදු කළා.රත්නසිරි වික්‍රමනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ලෙස කටයුතු කළේ, ජේ ආර් ජයවර්ධන මහතාගේ පාලනය කාලයේ. ඒ කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂය කෑලිවලට කැඩිලා, දේශපලාන නොසන්න්සුන්තාවක් ඇති වී තිබුණු කාලයක්.පාර්ලිමේන්තු ජීවිතයේ වගකීම් ඉටුකළා. දේශපාලන චරිතය තුළ විශිෂ්ඨ ආදර්ශයක් නවකයින්ට වගේම දේශපාලන ජ්‍යේෂ්ඨයන්ටත් ලබදී තිබෙනවා.

රත්නසිරි වික්‍රමනායක මහතා පිළිබඳ දැක්ක ලක්ෂණයක් තමයි, ප්‍රශ්නය නිරාකරණය කරන්න අවශ්‍ය නම් ප්‍රශ්නය කල් නොඳමා ප්‍රශ්නය නිරාකරණය කිරීම. දීර්ග සංවාදවලට ගියේ නෑ. ක්ෂණික විසඳුම් ලබාදුන්නා. එතුමාගේ පරම්පරව, වික්‍රමනායක පවුල පිළිබඳව, දේශපාලන ව්‍යාපරයට පිවිසිලා තම ධන සම්පත් නැති කරගත් අය. දුෂණයෙන් තොරව දූෂණයකට වංචාවකට තම දේශපාලනය ඉඩ නොතබා කළ කැපවීම. තම පවුලේ ධනය දේශපාලන මැතිවරණ ව්‍යාපරවලට විදයම් කළා. පෞද්ගලික ධනය වැය කළා. සල්ලි හම්බ නොකළ බලය වැරදි ලෙස භාවිතා නොකළ ආදර්ශමත් දේශපාලන චරිතයක්.

රත්නසිරි වික්‍රමනායක මහතාගේ චරිතයේ බොහෝ දේවල් අපට ආදර්ශයට ගන්න පුළුවන්. දේශපාලන බලය තුළ තම සාක්කු පුරවා ගැනීමේ වැරදි දේශපාලන සංකෘතියක් අද ඇති වී තිබෙනවා.පළාත් පාලන ක්ෂේත්‍රයේ සිට දේශපාලනය එන බොහෝ අය වැටදි දේට නැඹුරු වෙනවා. තම වගකීම් ඉටු කිරීමේ දී ජනතාවාදී කැපවීම් පිළිබඳව ආදර්ශයක් ලබාදී තිබෙනවා. ඉතාමත් ම දක්ෂ කථිකයෙක්.චතුර කථිකයෙක්.පරිනතභාවය එක්ක පරිපූර්ණ දේශපාලඥයෙක්. අභාවය පිළිබඳව පවුලට තිබෙන ශෝකය වගේම දේශපාලන නිර්මලභාවය බලාපොරොත්තු වූ දේශපාලඥයන්ට ජනතාවට ශෝකයක්. එතුමාගේ අභාවය පාඩුවක්. එතුමාගේ අභාවය පිළිබඳව දැඩි ලෙස ශෝකය හා කණගාටුව ප්‍රකාශ කරනවා. එතුමාට නිවන්සුව අත්වේවා කියා ප්‍රාර්ථනා කරනවා යැයි ද ජනාධිපතිතුමා පැවසී ය."

නව අදහස දක්වන්න