හොංකොං සෙවන්ස් රගර් | දිනමිණ

හොංකොං සෙවන්ස් රගර්

ෆවුස් මොහොමඩ්
ශ්‍රී ලංකාව සහ චිලී කණ්ඩායම අතර තරගයෙන්

ශ්‍රී ලංකාව පළමු වටයේ තරග දෙකම පරදී

ලෝක සත් සාමාජික රගර් තරගමාලාවට සුදුසුකම් ලැබීමේ හොංකොං සෙවන්ස් රගර් තරගාවලියේ පළමු දිනය වූ ඊයේ චිලී කණ්ඩායම සහ හොංකොං පිල හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

චිලී කණ්ඩායම සමග පැවැති පළමු තරගයේදී ලකුණු 38-0ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා සත් සාමාජික රගර් පිල හොංකොං පිල හමුවේ පරාජයට පත්වූයේ ලකුණු 31-5ක් ලෙසිනි. මේ තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වන අවසන් තරගය අද (8) පෙරවරු 7.58ට නැමීබියාව සමග පැවැත්වෙයි.

හොංකොං ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයට ශ්‍රි ලංකාව ඇතුළු කණ්ඩායම් 12ක් තරග වදිති. ඊයේ තරග වටයට නිමාවට පත්වීමෙන් පසුව ‘එෆ්’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකාව තරග 2ම පරාජයට පත්වී ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 2ක් ලබා සිවුවැනි තැන පසුවන අතර තරග 2ම ජයගත් චිලී කණ්ඩායම ප්‍රසාද ලකුණු 6ක් ලබා පෙරමුණේ පසුවෙයි. හොංකොං කණ්ඩායම ද ඊයේ ක්‍රීඩා කළ තරග 2ම ජයගෙන ප්‍රසාද ලකුණු 6ක් ලබා දෙවැනි තැන රැඳී සිටින අතර තුන්වැනි තැනට පත්වූ නැමීබියාව තරග 2ම පරාජයට පත්ව ප්‍රසාද ලකුණු 2ක් ලබා සිටී.

නව අදහස දක්වන්න