ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමෙන්තු මන්ත්රීනි පවිත්රා දේවි වන්නි ආරච්චි මහත්මියගේ සංවිධායකත්වයෙන් පසුගිය 7දා රත්නපුරේ පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්රික් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්රික්කයේ මන්ත්රීවරුන්වන ටී.රංජිත් සොයිසා ,ජානක වක්කුඹුර සහ වාසුදේව නානායක්කාර සහභාගි නොවීම කැපීපෙනෙන්නට තිබුනි.
පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්රික් කාර්යාලය හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමෙන්තු මන්ත්රී මහින්ඳ රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරිනි.
රත්නපුර දිස්ත්රික්කයේ ප්රබල නායකයින් වන රංජිත් සොයිසා , ජානක වක්කුඹුර සහ වාසුදේව නානායක්කාර යන මහතුන් විසින් නව පක්ෂ කාර්යාලය විෘත කිරීමේ අවස්ථාවට සුභපැතුම් පනිවිඩයක් පවා නො එවීම පක්ෂය තුල අර්බුදයක්ද යන්න පාක්ෂිකයන් තුල කසුකුසුවක් පැවතිනි.
( එන්.පී.රාජදොරේ රත්නපුර විශේෂ වාර්තාකරු )
නව අදහස දක්වන්න