ඊට පසු ඒකාබද්ධයේ ආයු කාලය අවසන්
පසුගිය රජය විසින් සිදුකළ මනුෂ්‍ය ඝාතන, දූෂණ හා වංචා පිළිබඳ සියලු තොරතුරු තවත් මාස කිහිපයකින් රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
එම හෙළිදරව්වෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ ආයු කාලය අවසන් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. ලබන මැයි පළමුවැනිදා ගෝල්ෆේස් පිටියට පැමිණීමෙන් පසු රාජ්‍ය ආයතන වටලන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ගාලුමුවදොර පිටිය ආසන්නයේ මාර්ග රැසක් ඇති බැවින් ඒවා වැටලීමට හැකියාවක් ඇති බවයි. ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරන අයුරින් ජනතාව එයට සහභාගි නොවනු ඇතැයි තමන් විශ්වාස පළ කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කැබැතිගොල්ලෑව මූලික රෝහලේ වකුගඩු රුධිර කාන්දුකරණ ඒකකය පෙරේදා පස්වරුවේ විවෘත කිරීමෙන් පසු මාධයවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා 04 රජයේ යෝජනා බවත්, ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව එම යෝජනා ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
අදහස් 1ක් ඇත
what about your deals and
නව අදහස දක්වන්න