මිහින්තලා-ලේක්හවුස් 11 වැනි කප්රුක් වස්ත්‍ර පූජාව අද | දිනමිණ

මිහින්තලා-ලේක්හවුස් 11 වැනි කප්රුක් වස්ත්‍ර පූජාව අද

මිහින්තලා ලේක් හවුස් කප් රුක් වස්ත්‍ර පූජා පෙරහරේ එකොලොස් වැනි පූජාව අද(10) මිහින්තලයේදී සිදු කෙරේ

මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන්ගේ අනුශාසනා පරිදි පසු ගිය පොසොන් පොහොය දින සිට නොකඩවා සෑම පුර පසළොස්වක පොහොය දිනකම කප් රුක් වස්ත්‍ර පූජා පැවැත්වීමට තීරණය කර තිබුණි. ඒ අනුව එකොළොස්වන වරට පැවැත්වෙන කප්රුක් වස්ත්‍ර පුජාව අනුරාධපුර රත්නමාලී විශ්‍රාම ශාලාවේ පැවැත්වේ

කප්රුක් වස්ත්‍ර පුජාව සමග අද මිහින්තලා රජ මහා විහාරස්ථානය මුල් කර ගෙන පින් කම් රාශියක් පැවැත්වෙයි. එදින ලක්වාසී සැමටම අලුත් අවුරුද්ද වෙනුවෙන් ආශීර්වාද කරමින් මෙම කප්රුක් වස්ත්‍ර පූජාව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පංච තුර් ය නාද සහිතව ,බෞද්ධ කොඩි ද රැගෙන කප් රුක් වස්ත්‍රය මිහින්තලා සාංචි විහාරස්ථායේ සිට මිහින්තලා නගරය ඔස්සේ මිහින්තලා මහ සෑය වෙත පෙරහරින් ගමන් කර ආගමික වතාවත් සිදු කරමින් කප් රුක් වස්ත්‍රය මිහින්තලා මහ සෑයට පූජා කිරීමට කටයුතු යොදා ඇත.

හිඳෝගම සමූහ

නව අදහස දක්වන්න