Porshia මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් ඇරැඹේ | දිනමිණ

Porshia මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් ඇරැඹේ

මෙරට ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගමක් වන Homelands Skyline පෞද්ගලික සමාගමේ නවතම ඉදිකිරීම් ව්‍යාපෘතිය වන Porshia සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් පසුගියදා උත්සවාකාරයෙන් ආරම්භ විය.

නුගේගොඩ නාවල ප්‍රදේශයේ ඉදිවන මේ ව්‍යාපෘතියේ මංගල පස් පිඩැල්ල කැපීම සඳහා හෝම්ලෑන්ඩිස් සමූහයේ සභාපති නලීන් හේරත්, අධ්‍යක්ෂිකා හර්ෂනී හේරත්, San Piling පෞද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අර්ජුන ගුණතිලක, හෝම්ලෑන්ඩ්ස් ස්කයිලයින් සමාගමේ පිරිවැය උපදේශක, වරලත් ප්‍රමාණ තක්සේරුකරුවකු වන නිශාන්ත වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

සමාරම්භක උත්සවයේ දී මේ ව්‍යාපෘතියේ Piling කටයුතුSan Piling සමාගම වෙත නිල වශයෙන් භාර දෙන ලදී. මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කීර්තිමත් සමාගමක් වන Sanken Constructions පෞද්ගලික සමාගමට අනුබද්ධ San Piling සමාගම Porshia නිවාස ව්‍යාපෘතියට ශක්තිමත් පදනමක් දමනු නිසැකය.

මහල් 11කින් සහ නිදන කාමර දෙකේ හා තුනේ සුඛෝපභෝගී නිවාස 63කින් සමන්විත නිවාස සංකීර්ණයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන දෙකකි. 2019 වසරේ අපේ‍්‍රල් මාසයේ දී වැඩ නිමවන මේ නිවාස සංකීර්ණය පිහිනුම් තටාකයකින්, BBQ Pavilion එකකින් සහ තුරුලතාවලින් සමන්විත Rooftop එකකින් යුක්තය.

ශීඝ්‍රයෙන් දියුණු වන නුගේගොඩ නගරයට ආසන්නයේ පිහිටා ඇති Porshia නිවාස සංකීර්ණයෙන් නිවසක් මිල දී ගැනීම අනාගතයට කරන කදිම ආයෝජනයකි. නාගරික පරිසරයක් තුළ සියලූ සුඛෝපභෝගී පහසුකම්වලින් සපිරි නිදහස් ජීවිතයක් ගත කිරීමට නිවාස සංකීර්ණයේ ජීවත් වන සියලූ දෙනාටම අවස්ථාව උදා වන බව විශේෂයෙන් සඳහන් කළ යුතුය

නව අදහස දක්වන්න