නීති විරෝධී මත්පැන් රැස් කරන්න අනුන්ගේ ඉඩම් ගනී | දිනමිණ

නීති විරෝධී මත්පැන් රැස් කරන්න අනුන්ගේ ඉඩම් ගනී

අවුරුදු සමයේ අ‍ලෙවිය පිණිස නීති විරෝදී මත්පැන් (කසිප්පු ) එක් රැස් කර තැබීමට අන්සතු ඉඩම් උපයෝගී කරගන්නා අවස්ථා මේ දිනවල දැකගත හැකිය. මේ පිළිබදව ජනතාව අවදියෙන් සිටින ලෙසද පොලීසිය දන්වයි.
 
එසේ යටියන්තොට පනාවත්ත ප්‍රදේශයේ තේ ඉඩමක සගවා තිබු කසිප්පු බෝතල් 25 ක් හා තවත් බෝතල් 05 ක් පසුගිය දා (10) යටියන්තොට පොලීසිය මගින් අත් අඩංගුවට ගත්තේ ලද තොරතුරක් මතය. තේ නෙලීමට ගිය කාන්තාවන් විසින් තේ වත්තේ තිබූ මත්පැන් තොගය මුලින් දැක තිබුණි. පොලීසිය මගින් මත්පැන් තොගය අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ සැකකරුවන් විසින් එම කසිප්පු වෙනත් ස්ථානයක සැගවීම සදහා සූදානම් කරමින් සිටි බව පොලීසිය පවසයි.අත් අඩංගුවට ගත් මත් පැන් හා සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැරිය අතර ලබන 28 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි. මෙම තේ වත්ත හිටපු අමාත්‍යවරයෙකුට අයත් බවද පොලීසිය පවසයි.  
 
මත්පැන් මිල ඉහල යාමත් සමග නීති විරෝධී මත් පැන් ග්‍රාමීය වතු ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇති බව ජනතාව පවසයි. යටියන්තොට පොලීසියේ ස්ථානාධිපති අසේල කේ.හේරත් මහතාගේ උපදෙස් පරිදි  උ.පො.ප. සේනාරත්න, පො.සැ. 2853 ගූණරත්න‍‍, පො.සැ. 32781 කරුණාරත්න, පො.කො.32237රෝහිත,  පො.කො. 57706 මහින්ද  යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී.
 
යටියන්තොට විශේෂ - සමන් එස්. රත්නායක

නව අදහස දක්වන්න