වට්ටාරම විහාරයේ සංවර්ධන වැඩ ඇමැති සියඹලාපිටියගේ නිරීක්ෂණයට | දිනමිණ

වට්ටාරම විහාරයේ සංවර්ධන වැඩ ඇමැති සියඹලාපිටියගේ නිරීක්ෂණයට

ජාතික වෙසක් උත්සවය කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතාමත් වැදගත් සිද්ධස්ථානයක් වු ඓතිහාසික වට්ටාරම ශ්‍රි අරහන්ත මලිය දේව රජමහ විහාරස්ථානයේ පැවැත්වීමට තීරණය කිරීම පිළිබඳව ජනාධිපති තුමාට දිස්ත්‍රික් ජනතාවගේ ගෞරව ස්තුතිය පිරිනමනවා.

2017 ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් මේ දිනවල වට්ටාරම ශ්‍රි අරහන්ත මලිය දේව රජමහ විහාරස්ථානයේ සිදුකරන සංවර්ධන වැඩ සටහන් වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට ගිය විදුලි බල හා පුනර්ජනණිය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා එසේ පැවසීය. එහිදි තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා

ශ්‍රීලංකාවේ අවසන් මහ රහතන් වහන්සේ වු මලියදේව මහරහතන් වහන්සේ බොහෝ කලක් වැඩසිටි සිද්ධස්ථානය ලෙස මෙම ස්ථානය ඉතිහාසයට එක්වී තිබෙනවා. අනුරාධපුර -පොලොන්නරුව වැනි ආකාරයටම ඓතිහාසික වටිනා කමක් ඇතිව සබරගමුව පළාතේ පිහිටි ප්‍රධාන බෞධ විහාරස්ථානයක් ලෙසත් සඳහන් වෙනවා. දීර්ඝ කාලයක් සංවර්ධනයක් නොලැබු මෙම පුදබිම විශාල පසුබෑමකට ලක්වී තිබුණා. නමුත් මෙම පුදබිමේ ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට ජනාධිපතිතුමා තීනුදු කිරීමත් සමඟ විශාල සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භවුණා. මෙම විහාරස්ථානයට පමණක් නොව 2017 ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් මෙතෙක් කලක් කිසිම රාජ්‍ය අණුග්‍රහයක් නොලැබු කෑගල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන වලට සහ දහම් පාසල් වලටද යම් කිසි සංවර්ධන කටයුත්තක් සඳහා යම් ප්‍රතිපදනයක් වෙන්කර දිමට කටයුතු කර තිබෙනවා. මා හිතනවා මේ සදහා යෙදු මුළු මුදල රැපියල් මිලියන 750-1000 අතර මුදලක් වියහැකියි කියල.

බෞද්ධ කටයුතු දෙපාර්ථමේන්තුව හා සමස්ථ ලංකා ශාසනා රක්ෂක බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් ජනාධිපති තුමා අගමැති තුමා ,මහා නායක නාහිමි වරුන් ඇතුළු ප්‍රභුන් රැසකගේ සහභාගිත්වයෙන් වට්ටාරම ශ්‍රි අරහන්ත මලියදේව රජමහ විහාරස්ථායේ දි සිදු කිරිමට යෝජිත රාජ්‍ය වෙසක් උත්සවය ලබන මැයි මස 10 වැනි වෙසක් පෝ දා පස්වරුවේ පැවැත්වෙන අතර ඒ නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ වැඩසටහන් මැයි මස 7 සිට 13 දක්වා පැවැත්වීමටද නියමිතය. 

සබරගමුව සමුහ


නව අදහස දක්වන්න

Or log in with...