මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යාපන සංවර්ධන අංශය මඟින් ප්‍රාථමික අංශයේ සිසුන් සඳහා 7 පැවැත්වූ තූර්ය වාදන තරගයට ඉදිරිපත්වූ දරුවන්ගේ මවුපියන්ට තරග පැවැති මාරාපොළ විදුහලේ පාසල් ක්‍රිඩා පිටියට ඇතුළුවීමට රුපියල් 150.00ක් ගෙවා ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමට සිදුවූ බව මීරිගම ප්‍රදේශයේ පාසල්වලින් එහි ගිය මවුපියෝ කියති.
මිනුවන්ගොඩ කලාප අධ්යක්ෂවරයාගේ හා සෞන්දර්ය අධ්යක්ෂවරයාගේ 2017.03.22 දිනැති ලිපිය මඟින් අදාළ තරග සඳහා දරුවන් සහභාගි කරවන ලෙස කළ දැනුම්දීම අනුව ගිය අවස්ථාවේ මේ සිදුවීමට මුහුණ දෙන්නට සිදුවූ බව මීරිගම ප්‍රදේශයේ පාසල්වලින් එහි ගිය ගුරුවරු පැවසූහ.
මෙම තරගය කලාපීය අධ්‍යාපන ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන බව එම ලිපියේ සඳහන් කර ඇත. ඒ අනුව එහි ගිය අවස්ථාවේ දරුවන් සහ ගුරුවරුන්ට පාසල් ක්‍රිඩා පිටියට ඇතුළත් වීමට අවස්ථාව සැලසුනත් දෙමාපියන්ට එහි ඇතුළුවීමට විදුහල් බිමේ සවස් කාලයේ පැවැත්වෙන වෙළෙද ප්‍රදර්ශනයට නිකුත් කරන ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීමට සිදුවී ඇත. ප්‍රදේශයේ ආයතනයක් මඟින් මෙම වෙළෙද ප්‍රදර්ශනය පැවැත්වෙන අතර තම දරුවන්ගේ කාර්යයකට යාමට ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට සිදුවීම මහත් ගැටලුවක් බව කියන මවුපියෝඅඩුම තරමේ මෙම කාල සීමාවේ දී වෙළෙද ප්‍රදර්ශනය පැවැත්වුවානම් එසේ ප්‍රවේශ පත්‍රයක් ගැනීමට කළ දැනුම්දීමේ කිසියම් සාධාරණයක් තිබූ බව ද සදහන් කළහ.
අවසානයේ සිදුවූයේ රුපියල් එකසිය පනහක් ගෙවා තමන්ගේම දරුවන් තරග වදින හැටි බලා සිටින්නට බවත් මෙම තරගය සඳහා දරුවන් වෙනුවෙන් රුපියල් දහස් ගණනින් වියදම් කළ තමන්ට මෙයින් සිදුවූූයේ මහත් අසාධාරණයක් හා අකටයුක්තක් බවත් ඔවුහු පැවසූහ. වෙළෙද ප්‍රදර්ශනය නොමැති අවස්ථාවේ ලබාගත් මුදල් කාගේ සාක්කුවට යන්නේදැයි සොයා බැලිය යුතු බව ද ඔවුහුු සදහන් කළහ.
කොටදෙනියාව සමූහ - එම්.පී. කුමාර
නව අදහස දක්වන්න